Sunday, October 2, 2011

කිවුවද නහී - නොකිවුවද නහී

කිවුවද නහී - නොකිවුවද නහී යනු 'චිත‍්‍රපටයක' නමකි. එය චිත‍්‍රපටයක් ලෙස හඳුන්වන්නේ; චලන රූප ගොඩක්, සෙලෝලයිට් පටිවල සටහන් කරගෙන ඇති නිසාත්, අඳුරු සිනමා ශාලාවක තිරයක් මත තිරගත කළ හැකි නිසාත් ය. එම නමේ ඇති "නහී" යන්නට අර්ථ දෙකක් ඇත. එකක් හින්දි භාෂාව ඇසුරින් එන 'නැත' යන්නයි. ඒ අනුව මෙතැන කිව්වත් නොකිව්වත් යමක් නැත. නැත්තේ චිත‍්‍රපටයකි. එසේනම් ඇත්තේ කුමක්ද?
 යමක් 'වන්නේ කුමක්ද?' යන්න හැදෑරීම සඳහා, එය " නොවන්නේ මොනවාද?" යන ප‍්‍රශ්නයෙන් ආරම්භ කළ හැකි දාර්ශනික විධි ක‍්‍රමයක් ඇත. මෙම ක‍්‍රමය යොදාගනු ලබන්නේ, සලකා බැලීමට නියමිත කරුණ වඩාත් සංකීර්ණ හෝ ව්‍යාකූල හෝ වන විටය. අප මෙතැනදී සලකා බලනු ලබන්නේ 'චිත‍්‍රපටයක්' යනු කුමක්ද? යන්නයි. මෙය මේ වන විට සංකීර්ණ මෙන්ම ව්‍යාකූලද වන මාතෘකාවක් බැවින් ඉහත ක‍්‍රමය වඩා සුදුසු යැයි සිතමි.


අපි නැවතත් ප‍්‍රශ්නය අසමු. 'කිවුවද නහී - නොකිවුවද නහී' යනු කුමක්ද? අප තෝරාගත් ක‍්‍රමවේදයට අනුව පිළිතුර මෙපරිදි ය. එනම් 'කිවුවද නහී - නොකිවුවද නහී' ක‍්‍රියාවලියේ කිසිවක් චිත‍්‍රපටයක් නොවන්නේ ය. 
නමුත් ඔබ මෙතැනදී කලබල වනු ඇත.  මුහුරත් උළෙල, රූගත කිරීම, රඟපෑම, තිරගත කිරීම මේ සියල්ල නිසා ඔබ කලබල වනු ඇත. එහෙත් කලබල නොවන්න. ඒ කිසිවක් "චිත‍්‍රපටයක්" නොවේ. එතැන චිත‍්‍රපටයක් නැත. වෙන වැඩ ගොඩක් පමණක් ඇත.  විවේකීව "බඹරු ඇවිත්"නරඹන්න.


'නහී' යන්නට තවත් අර්ථයක් ඇත. එනම් නහිනවා, විනාශ වෙනවා, හෝ කෙළවගන්නවා යනුයි. ඒ අනුව ඉහත නමින්, 'කිව්වත් නොකිව්වත් කෙළවගන්නවා' යන්න අදහස් වෙයි. ඒ සඳහා අමතර පැහැදිළි කිරීම් උවමනා යැයි නොසිතමි. ලාංකීය සිනමාව 'ගාමණී' හරහා කූඨප‍්‍රාප්ත වී ඇත්තේ එතැනට ය. 


ගාමණී, "චිත‍්‍රපටයට" රංගනයෙන්  දායක නොවන දේශීය නළුවෙක් හෝ නිළියක් නොමැති තරම් ය. ඒ තරමටම නළු නිළි රොත්තක් සිටී. ඔවුනතරින් බොහෝ අය සිංහල සිනමාවේ විශිෂ්ඨ රංගන කුසලතාවයෙන් හෙබි අය වන්නෝ ය. විචාරක පැසසුමට නොමඳව ලක් වූවෝ ය. රංගනයට පමණක් නොව සංගීතය, සංස්කරණය ආදී අනෙකුත් සියළු කාර්යයන්ට සම්බන්ධ වී ඇත්තේද එවැන්නන් ය. ආගන්තුක හා කිත් පැසසුමට මෙතෙක් ලක් නොවූ එකම තැනැත්තා "චිත‍්‍රපටයේ" අධ්‍යක්ෂවරයා පමණි. (නමුත් ඔහු රණවිරුවෙකු ලෙස දේශීය සම්භාවනාවට පාත‍්‍ර වූවෙකු බව අමතක කළ නොහැක.) නමුත් චිත‍්‍රපටයේ ශිල්පීන් කිසිවෙක් චිත‍්‍රපටය තුළ තම ළකුණ සටහන් කරන්නට හෝ සාමූහිකව ගොඩනැගූ සළකුණක් සිත්තම් කරන්නට හෝ සමත් වී නැත. ඒ එම ශිල්පීන් මීට පෙර නිරායුධ මිනිසුන් විනාශ කරනා යුද්ධයට විරුද්ධ වී, ඊට එරෙහිව හඬ නගා, මෙම "චිත‍්‍රපටිය" තුළ ඉතාම තද ජාතිවාදී තේමාවකට පණ පෙවූ නිසා නොවේ, දිල්හානි අශෝකමාලා, සුජානි මේනකා වැනි සැලූන් හතරක් තුළින් එකවර රිංගා එළියට ආ වර්ගයේ ගැහැණුන්, මායිම් ගම්මානයක දී සැබෑවට හමු නොවන නිසා නොවේ, ඩබ්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා වැන්නන් රඟපෑම අත්හැර, මුදල් සෙවීම තම එකම කාර්යය කරගෙන ඇති නිසාද නොවේ, බිමල් ජයකොඩි ‘‘බකමූණා වීදි බසී’’ නාට්‍යයට ටිකට් පරික්ෂා කිරීමෙන් හෝ එක්වී ඊට සහාය දැක්වූ අයෙක් වීම නිසා ද නොවේ.  එවැනි ආකාරයේ කිසිවක් හෝ නිසා නොවේ, සරලවම ඒ සියළු දෙනා චිත‍්‍රපටියේදී පමණක් නොව වෙන  ඕනෑම තැනකදී පවා 'රඟපාන' බව පෙනෙන බැවිනි. මෙම චිත‍්‍රපටයට සදාතනිකව සැමරිය හැකි මනුෂ්‍ය අත්දැකීමක් රැගෙන විත් නැත. ජාතිවාදී මනසකින් මඬනාලද සිංහල බෞද්ධයෙකු වුව චිත‍්‍රපටියෙන් මොහොතින් මොහොත ඈත් කරවන්නේ ය. එම අත්දැකීම ගුණදාස අමරසේකර අතින් ප‍්‍රකාශ විය. ඔහු කිව්වේ, "කොටින් ඔය තරමටම නරුමයන් නොකර ඔවුනතරටත් සංවේදී කීපදෙනෙක් හෝ එකතු කළා නම් හොඳයි" කියාය.  


අප මෙතැනදී ප‍්‍රකාශ කරන්නේ එලෙස, අමරසේකර කිවූ ආකාරයට බැලන්ස් කිරීම නිසා 'ගාමණී' හොඳ චිත‍්‍රපටයක් බවට පත් වන බව නොවේ. එවැනි බැලන්ස්  කිරීමකින් අනතුරුවත් එය චිත‍්‍රපටියක් වන්නේ නැත. ඒ එහි නරඹන්නා අළුතින් උපද්දවන, අළුතින් විෂයගත කරවන "කලාව" නොමැති බැවිනි. චිත‍්‍රපටිය මඟින් එදිනෙදා පාරතොටේ හමුවන ප්‍රේක්ෂකයා ප‍්‍රතිනිෂ්පාදනය වනවා මිස අවම ලෙස නිෂ්පාදනය වන්නේ නැත. ඒ අනුව 'ගාමණී' චිත‍්‍රපටියක් නොවන්නේ කුමක්ද යන්නට තවත් උදාහරණයකි. 


මේ අයුරින් චිත‍්‍රපට "නොවන ඒවා" ඉවත් කරගෙන යන විට " ඉතිරිවන ඒවා" අතලොස්සකි. ඒ අතලොස්සෙන් එකක් "වැලිකතර" වන්නී ය. වැලි කතරකට ජීවන හුස්ම පිඹින්නට සමත් අයෙක් වෙත්නම් ඒ අරුම චරිතයකි. ඔහු දියදෝතක්  මෙන් විය යුතු ය. මවගේ ගර්භාෂය, දරුවාට පවතින්නට ඉඩ සලසන්නේ එය ජල පැසක් වන බැවිනි. නිසැකවම ජීවයේ පදනම ජලය යි. කුඩා දරුවන් ජෝ එක්ක සෙල්ලම් කිරීමට කැමැතිවාක් මෙන්ම ජෝ සිනමාව සමඟ සෙල්ලම් කිරීමට කැමති ය. සිනමාවට ජීවන හුස්ම රැගෙන විත් එය සිනමාවට බාර දී ඔහු ඉන් සමුගෙන ගොසිනි. 


ජෝ චිත‍්‍රපටියකට නොව සිනමාවට උදාහරණයකි. 


ප‍්‍රදීප් ජයරත්න

8 comments:

charmi said...

හොඳ ලිපියක් ප්‍රදීප්.
අනික කාලෙකින්.......

``` Outsider``` said...

නියමයි සටහන.
අපිට දැන් බලන්න සිංහල චිත්‍රපටයක් නි‍පදවෙනවාද කියන එකයි ප්‍රශ්ණය මේ විදියට.

Chamila said...

නියමයි...!

Sabith said...

කලිසම ගලවල පෙන්නලා අපිව හිනා ගස්සන්න හදන විකට නලුවන් අතර,වැලක රඟ පාලා අවුරුදු 60ක් ජීවත් උනොත් සිනමාවට මෙහෙයක් කල යැයි සලකන රටක සැබෑ සම්භාව්ය නලුවා ගෙන් අනෙකා වෙන්කරන්නට මැතකාලයේ බිහි වු අවසාන නිර්නායකය ජෝ බව අවිවාදිතයි!

Anonymous said...

යන්නේ කොහේද මල්ලේ පෝල් වගේ විචාරයක්.. උඹ දීප්ති වෙන්න හැදුවට උගේ තියන ශිඣෂණය වත් උඹට නෑ... හැමදාම වගේ උඹ ගානට වචන කරකවලා තියනවා... ඒවායින් කිසිම අදහසක් එන්නේ නෑ ඒ නිසා කියවන කෙනා හිතන්නේ උඹ මාර දෙයක් කිව්වා කියලා. මේ පොඩි ලිපියේ චිත්‍රපට කීයක් පටලවගෙනද? චරිත කීයක් පාදක කරගෙනද? ඒවායේ කිසිම විදිහක එකිනෙක සම්බන්ධයක් නැති හුදකලා පොර ටෝක් ටිකක් විතරමයි... මේකට විචාරය කියනවනම් විචාරයට මොකක්ද කියන්නේ... ඕනම දේකට දැඩි විනයක් අවශ්‍යයි ඒ විනය උඹට නෑ.. උඹ චිත්‍රපටය ගැන කියපු දේමයි උඹේ ලිපිය ගැනත් කියන්න තියෙන්නේ.. ඒ වගේම මේ චිත්‍රපටය මීට වඩා හොද කරන්නේ කෙස්ද යන්නත් චිත්‍රපටි වන්නේ මොකක්ද නොවන්නේ මොකක්ද යන වෙන් කිරීමේ දිව්‍යමය බලයත් නුඹ සතුයි...දැන්වත් සමාජයට වෛරකරනඑක නවත්වන්න.. අර ඔයාලා හදපු කෙටි චිත්‍රපටය කව්රැවත් බැළුවේ නෑ එහි තේමාව වගේම එහි ඉරණමත් හදිස්සි අණතුරක්. ඒකෙන් ඔයාව උඩදාපු අය දැනගත්තා ඔයා චිත්‍රපටි ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නෑ කියලා. මෙහෙම ලීවාම ඒ අය හිතාවි ඔයා තුල එයාලා නොදන්න යමක් තියනවා කියලා. මොකද ලංකාවේ තාමත් ඔයාලා වගේ අය ඉහලින් බාරගන්න දෙතුන් දෙනෙක් ඉන්නවා.. සමහරවිට සමරේගේ චිත්‍රපට සිහිණය දැනටමත් බොදවී අවසන්ව ඇති ඒ තමයි මෙුවුනට අසුවන වහලාගේ ඛේදවාචකය එහෙමත් නැත්නම් ඉරණම.. ඔබ සැමට බුදු සරණයි දෙවි පිහිටයි..

පාලිත සිල්වා

Anonymous said...

ඇත්තටම කිව්වත් වගේ කොහේද යන්නේ මල්ලේ පොල්ම තමයි.පටන්ගත්තේ කොහෙන්ද ඉවර කලේ කොහෙන්ද? ඇත්තටම මේ වගේ ලිපි ලියන එකේ අරමුණ මොකක්ද? X කණ්ඩායමේ අයට තාම දීප්තිගෙන් සහ රොහාන්ගෙන් ගැලවෙන්න බෑ වගේ... ලිපියක් ලියද්දි තමන්ගේ නොදන්නා බව හෙලිවෙන එන ගැන මීටත් වඩා උදාහරණ තවත් ඕනද? හැදෑරීම යුගයේ අවශ්‍යතාවයක්... නමුත් හදාරන්නේ නැතිව හදාරනවා වගේ පොර ටෝක්ස් දීම යුගයේ විලාසිතාවද?

Anonymous said...

දීප්තිගේ හංස විල වෙනුවට ජයරත්නගේ කිවුවද නහී - නොකිවුවද නහී
අනේ මන්දා මුන් දන්න දේකුත් නෑ ඒත් වටේ උන්ට නම් මාර කතා...මුන්ට එකතු වෙන්නෙත් ඒ වගේ උන්මයි.. එකෙක් වයසක ගෑණියෙක්ව කසද බැලදා එයාගේ නංගිගේ දුව එක්ක පැණලා ගියා.එයා ජයරත්නට සල්ලි දුන්නෙත් පොන්සේකට පත්තර ගහනවා කියලා හොරකම්කරපු රැපියල් 40,000ක්... හැබැයි අපේ කොළඹ පැත්තේ ඇඩ්වටයිසින් ඒක්සකටිව් මහත්තයා 100000 තියාගත්තා. කොහොමද පශ්චාත් නූතනවාදී රොබින්හුඩ්.තව එකක් ඉංදියාවේ අහිංසක උක්ගොවීන්ගේ සල්ලි වලින් මෙහේ ජොයින්ට් ගහලා ලන්ඩන් ගිහින් ඇවිත් මෙහේ උන්ට කොකා පෙන්වනවා, තව එකෙක් කොටු පැණලා දුටු තැන ‍ගුටිකනවා, දැන් මු හොදම යාළුවාගේ ගෑණිව ඉස්සලා එයාගේ දුවට අඩම්තේට්ටම්කලා, තව උදාහරණ ඕන තරම්... මුන් එක්ක මොන දේශපාලනයද? ඉස්සෙල්ලා හොද සමාජයට වෛර නොකරන මිනිහෙක් වෙලා හිටපං.. ඔබට රත්නත්තරේ පිහිටයි..

මීට සදා නොවෙනස්
පාලිත සිල්වා

Anonymous said...

Ane Manda Oyala Hoda Samajayata Vira Nokarana Minissuda?