ජන සමාජයට ආසනික් භීතිකාව කාන්දු කරවීමට අවශ්‍ය මුල්ම ගිණි පුළිඟුව මුදා හැරියේ කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. ඔහු ප‍්‍රකාශ කරන අන්දමට මෙම ආසනික් උවදුර පිළිබඳව ඔවුන්ට පවසා ඇත්තේ නාථ දෙවියන්ය. නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත‍්‍රී බෝධිසත්වයන් බවද ඔහු විසින් ප‍්‍රකාශ කළේය. මෙම දැනුම දෙවියන් විසින් ඔවුන්ට ලබා දෙන්නේ එක් කොන්දේසියක් පිටය. එනම් බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවීමයි. නලින් ද සිල්වා පවසන අන්දමට දෙවියන් සමඟ සන්නිවේදනයේ යෙදීමට අප වැනි පෘතග්ජනයන් පන්සිල් රකින, භාවනා කරන ධාර්මික සත් පුරුෂයන් විය යුතුය. මේ ආකාරයට දෙවියන් වර්ගවාදී වීම කිසිසේත් අනුමත කළ නොහැකි වුවත්, දෙවියන්ගේත් ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය අප පිළිගත යුතුය.
නලින් ද සිල්වා යනු බටහිර විද්‍යාත්මක දැනුම තු-ට්ටුවකට මායිම් නොකරන, එය හුදෙක් ආඛ්‍යානයක්, කතන්දරයක් පමණක් බව කියන, ‘‘ බටහිර ක‍්‍රිස්තියානි යුදෙව් චින්තනයට’’ එරෙහි වූවෙකි. බටහිර විද්‍යාවට එරෙහි ඔහුගේ දැනුම වර්ධනය වීමට උපකාරී වුයේද, ඔහුම කියන පරිදි තෝමස් කූන්, ෆෙයරබන්ඩ් ආදී බටහිර චින්තකයින්ම ය. විද්‍යාවේ දී නව දැනුම බිහිකරන පර්යේෂණාත්මක හෝ චින්තනමය මොහොත ආඛ්‍යානයකට ගත නොහැකි අතීරණාත්මක මොහොතක් බව නලින්ට වැටහෙන්නේ නැත. එලෙස නව දෙය බිහිවූවාට පසු නලින් පවසන පරිදිම විද්‍යාව නොව, කලාව, දේශපාලනය, ආදරය ආදී අනෙකුත් මනුෂ්‍ය විෂයන්ද ආඛ්‍යානයක්, කතාන්දරයක් බවට පත්වන්නේය. එමෙන්ම පෙරදිග, සිංහල-බෞද්ධ ජන විඥාණය මත පදනම් වූ දැනුමද ආඛ්‍යානයක් වන නිසා, එකක් අනෙකට වඩා ඉහළ හෝ පහළ වන්නේ කෙලෙසකදැයි නලින්ට පිළිතුරක් නැත. ඒ මොහොතේදී ඔහු සිංහල-බෞද්ධ ජාතිවාදයේ පිහිට පතයි. මෙය ආසනික් තරමටම මාරාන්තික දේශපාලන සෙල්ලමක් වන්නේ එබැවිනි.
රජරට වකුගඩු රෝගයේ හේතුව ලෙස ආසනික් භෞතීස්ම කිරීමේ මෙහෙයුමට නාථ දෙවියන් ඈඳා ගැනීමට, නලින්ට හේතුවක් ඇත. එනම් බටහිර දැනුමට අනුව ඉන්ද්‍රීය ගෝචර ප‍්‍රත්‍යක්ෂය පමණක් විද්‍යාත්මක බව පිළිගැනීමට ලක් වීමයි. නමුත් බෞද්ධ දර්ශනයේදී ඉන්ද්‍රීය ගෝචර ප‍්‍රත්‍යක්ෂයට අමතරව අතීන්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂයද ඥාණ මාර්ගයක් ලෙස පිළිගනී. ඒ අනුව සිත දියුණු කළ මනුසතා සහ දෙවියන් අතර සන්නිවේදනය අතීන්ද්‍රීය ඥාණ මාර්ගයකි. මේ නිසා බටහිර දැනුමට නැති ස්වර්ණමය අවස්ථාවක් දේශීය දැනුමට ඇත.
ඒ මේ කොයි ආකාර ඥාණ මාර්ගවලින් හෝ දැනුම ලැබෙන්නේ නම් අප විරුද්ධ විය යුතු නැත. එමෙන්ම, මනුෂ්‍ය තාර්කික සිතීමට පිළිගත හැකි ආකාරයට පර්යේෂණ ඇසුරින් දියුණු කළ විද්‍යාත්මක දැනුම, බටහිර හෝ පෙරදිග වූ පමණින් බදා වැළඳ ගැනීමවත්, මුළුමනින් ප‍්‍රතික්ෂේප කිරීමවත් සුදුසු නැත. එය මුග්ධ කමකි. එය තමන්ව ආරක්ෂා කරගැනීමට ඇඳුම් උනා දැමීම වැනි වැඩකි. මේ සාකච්ජාව නිසා විශාලතම හානිය සිදුවන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසු සිසුවියන්ට ය. අප විශ්වවිද්‍යාල සිසුන්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. නමුත් මේ අය විශ්වවිද්‍යාලයට එන්නේ සිංහල-බෞද්ධ ජාතිය වර්ගවාදී ලෙස ගොඩනැගීමට බව නොදැන ය. නලින් ද සිල්වාගේ විද්‍යාපීඨ මෙහෙයුම ඒ සඳහා ය. මෙය එම සිසුන්ගේ අධ්‍යාපන අයිතිය පැහැර ගැනීමකි. විශ්වවිද්‍යාල කාර්යභාරය විකෘති කිරීමකි. මේ නිසා ඔවුන්ට නාථ දෙවියන්ගේම පිහිට ලැබිය යුතු තත්වයක් උදාවී ඇත. එම සරසවියේ රසායන විද්‍යා අංශාධිපතිනියත්, උද්භිද විද්‍යා අංශාධිපතිනියත්, මේ මෙහෙයුමේ සම කොටස් කරුවන් වන්නේය.
අනෙක් අතට ගොවියා මුළු මනින් සූරා කන, මහ පොළොවේ ස්වාභාවික සාරවත් භාවය විනාශ කරන කෘෂි රසායන වල ඒජන්තයින් වන්නේ, වෙළඳ පොළ ඒකාධිකාරී මාෆියාවකට උරුමකම් කියන බහු ජාතික සමාගම් පෙළකි. ඔවුන්ට, කුමන ආකාරයෙන් හෝ අපගේ පක්ෂපාතීත්වයක් නැත. එම වෙළඳ ඒකාධිකාරියෙන් ගැලවීම, ගොවියාත්, මහපොළොවත් සුවපත් කිරීමේ අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන්නේය.
නමුත් නාථ දෙවියන් විසින් කෘෂි රසායන වල ආසනික් ඇති බව පවසා, අනතුරුව විද්‍යාත්මක පර්යේෂණ මඟින් ආසනික් නැති බව ඔප්පු කළහොත්, කෘෂි රසායන මාෆියාවට සුජාත බවක් ලැබෙන්නේ ය. එය බරපතල තත්වයකි. ආසනික් තිබීම හෝ නොතිබීම කෘෂි රසායන වලට එරෙහි වීමටත්, භාවිතයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමටත් විශේෂ හේතුවක් වන්නේ නැත. කෘෂි රසායන කොහොමටත් මිනිසා ලෙඩ කරන ව්‍යාධි මූල කාරකයක් බව අප හොඳින්ම දන්නා දෙයකි. කෘෂි රසායන වලින් තොර විකල්ප ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරීමට කටයුතු කිරීම මේ සඳහා ඇති හොඳම විසඳුම වන්නේය.
ලාංකේය සමාජය, වර්ගවාදී සිතීම මඟින් මේ වන විට ඇද දමා ඇති ව්‍යාකූල තත්වය තවත් ව්‍යාකූල කරමින් සමාජ සිතීම රෝගී කරවීමට නලින්ද සිල්වා ගේ මෙවැනි මෙහෙයුම් වඩාත් හේතු වෙයි. මේ නිසා සමාජයට සිහිය කැඳවන සිතීමක උවමනාව වෙනුවෙන්, කටයුතු කිරීම අවබෝධය සහිත විද්වතුන්ගේ කාර්යභාරය වන්නේ ය. අවාසානාවක මහත. ඔවුන්ටද සොච්චම් පඩියක් දී වැඩකට නැති පිරිසක් බවට පත් කර ඇති තතු යටතේ, සමාජයටද නාථ දෙවියන්ගේම පිහිට පතනවා හැරෙන්නට අන් යමක් ඉතිරි වී නැති සෙයකි.
ගගන මිත‍්‍ර
Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts
Monday, July 4, 2011
Friday, December 3, 2010
අජිත් අමාරුවේ දැමීමේ එකම මඟ 'ශාස්තෲ' කියවිම මිස මග හැරීම නොවේ
කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව, ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන
Wednesday, November 24, 2010
ලංකා අක්ෂයේ ඉල් වැස්සට - පාට පාට පිච්ච මලක්.....
මේ ගමන කොළඹට හොඳට මතක හිටින්න, කණ පැලෙන්නම ඉල් වැස්සක් ඇද හැළුනට පස්සෙ අපිට හිතුනා කොළඹ පිරිලා තිබුණු කුණු ගොඩවල් ඔක්කොම හෝදගෙන වතුර පාරට ගසාගෙන යාවි කියලා. ඒත් සිද්ධ උනේ ඒක නෙවෙයි. මිනිස්සු
Tuesday, November 9, 2010
Popසිකල් වෙනුවට රියල් Pop

”මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල්විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.”
-ජෝන් සෙකාඩා
දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැ`ගීම විතරයි. එක එක ආකාරයේ විසිතුරු පෑ තරු අතරින් රතු පලස් උඩින් සම්මාන උළෙලට ඇතුල් කර ගනිද්ම මම පැය කීපයක් බොරුවක් ඇතුලේ ආතල් එකක් ගැනීමට වැඩි දෙයක් බලපොරොත්තු වුණේ නැහැ. ලොකු ලොකු ආර්ටිස්ට්ලා ලක්ෂ ගණං වියදම් කරලා හදපු පිටරට කොපි ගොඩකට සම්මාන දෙන හැටි බලන්න මිසක්
Tuesday, October 19, 2010
වාසු මැරූ පර්සි...
මහින්ද, වාසුගේ මිත්‍රත්වය මෙලෙස මරා දැම්මේ මන්ද ?
වාසු මහින්දට හැමදාමත් සලකන ලද්දේ දේශපාලනයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේදීත් මිතුරෙකු ලෙසය. වාසු සමඟ එකඟ නොවන සන්ධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කොතෙකුත් තිබුනද ඒවා සියල්ලෙහිම අතාර්කික පිළිතුරු, “මිත්‍රයා” ලෙස වාසුට මහින්දව මගහැර නොයාමට බැරිකම නිසා ඇතිවන්නක් බව
Friday, September 24, 2010
වාසුට සහනයක් වූ පියසීලීගේ මරණය
දහ අට සන්නිය නටා පේවීමට මත්තෙන් පියසීලි මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුනේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුනි.
ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර, සතුරු-මිතුරු කඳවුරු අතර බෙදීම දිය කරමින්, නව බෙදීම් නිර්මාණය කරමින්, හැම විටම ඊනියා පොදු ජනයාගේ පැත්ත ගැනීමට
ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර, සතුරු-මිතුරු කඳවුරු අතර බෙදීම දිය කරමින්, නව බෙදීම් නිර්මාණය කරමින්, හැම විටම ඊනියා පොදු ජනයාගේ පැත්ත ගැනීමට
Subscribe to:
Posts (Atom)





