කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව, ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන