Monday, September 12, 2011








අභිසරුලියක් ’නොවේ ඇය,

හිරුට මුහුණලා
වීදියට පිටුපා
හිසනමා ගොඩ වදින
පියැස්ස.
ගවුරවේ හිරිකඩට
හසුව ඈ මුව කමළ
තෙත බරිතවෙයි
සියල්ල.

දිය ගලා ගත පුරා
උතුරා හැලෙයි හිරිකඩ
ගල් මුල් පෙරලමින්
චන්ඩ රළ නංවමින්
දිය ගලයි සංසුන්ව
වීදී මත.

පිටාරට හසුව
ගසාගෙන යන
කඩතොළු රහිත වත
ගැටුමක් නැතිවම
හදිසියේ තනිවම
බිඳුමක් මතුව ඇත.

එකමෙක කඳුලක්
ලිස්සයි
ඇතුලත යන්තම්
ගැස්සෙයි
ජබොහ් !
පළමු කෙටි විරාමය...;

ගසාගෙන ගියේ ඇය
ඇගේ පිටාරේමය
අනෙකුන්ට දෝස නැත
ඒ.....
වැරැද්දත්,
ඇයටමය!

ප‍්‍රදීප් ජයරත්න

1 comment:

Anonymous said...

අහිසරැලියක් නොවේය ඇය

නුවරින් ඈත පොඩි ගමක
දවසට බස් එකක් යයි
කැඩුනොත් එය මහ මගය...
දුප්පත් වුවත් මාපියන්
හොද ගැමියෝය...
කොළඹට එව්වේ ඇය සිප් නැණ
ලබන්නය...

සිප් නැන ලබා ඇ ලද මුල්
රැකියාව ගරැ සරැය
හදුනති ඈ මුළු රටම
කට ඇති දුවක ලෙස...
එනමුදු ඇ හට පලදුනි
කරැමය නොසිතු ලෙස...

රාජකාරයි සහ ප්‍රේමය දහවලට
ඇගෙ පෙම ඇයට මහ මෙරක් වුණි
පෙම්වතා දිලින්දෙකි රටම කන
ඔහුගේ කෑමටත් ඇගේ දියුණුවටත්
යහනට නැග්ගේ ඇය තවකෙක් සමග..
විවාහක ඔහු ඇගෙ පහස ලමයි
පෙම්වතා ඇගෙ මුදල් ලබයි...

මේ කවියේ නිධාන කතාව දන්න විදිහට ඔන්න මමත් ලිව්වා... මේ පළිය තමයි සමාජයෙන් අනිත් අයගෙන් මෙයා ගන්නේ... ඕන කෙනෙක්ට අපි මෙයාගෙන් පළිගන්නවා කියලා ඒ අභියෝගය බාර අරන් තම ජීවිතය ගැන වගකීමක් අරන් මේක අතඇරලා දාන්න පුළුවන්. කර්මය වෙනස්කරන්න මම කව්ද? ඒ නිසා ශ්‍රාවකයණි පුළුවන්තරම් ප්‍රවේසම්වන්න... මම කවි ගැන දන්නේ නෑ.. නමුත් හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් මේ කතාව කවි කරන්න දරපු පුංචි උත්සහයකි මෙය. කවියකට කතාවක් ඔබන එක එච්චර ලේසි නෑ.. සුතිය ගැන කතාකරලා වැඩක් නෑ....

පාලිත සිල්වා