කිවුවද නහී - නොකිවුවද නහී යනු 'චිත‍්‍රපටයක' නමකි. එය චිත‍්‍රපටයක් ලෙස හඳුන්වන්නේ; චලන රූප ගොඩක්, සෙලෝලයිට් පටිවල සටහන් කරගෙන ඇති නිසාත්, අඳුරු සිනමා ශාලාවක තිරයක් මත තිරගත කළ හැකි නිසාත් ය. එම නමේ ඇති "නහී" යන්නට අර්ථ දෙකක් ඇත. එකක් හින්දි භාෂාව ඇසුරින් එන 'නැත' යන්නයි. ඒ අනුව මෙතැන කිව්වත් නොකිව්වත් යමක් නැත. නැත්තේ චිත‍්‍රපටයකි. එසේනම් ඇත්තේ කුමක්ද?
යමක් 'වන්නේ කුමක්ද?' යන්න හැදෑරීම සඳහා, එය " නොවන්නේ මොනවාද?" යන ප‍්‍රශ්නයෙන් ආරම්භ කළ හැකි දාර්ශනික විධි ක‍්‍රමයක් ඇත. මෙම ක‍්‍රමය යොදාගනු ලබන්නේ, සලකා බැලීමට නියමිත කරුණ වඩාත් සංකීර්ණ හෝ ව්‍යාකූල හෝ වන විටය. අප මෙතැනදී සලකා බලනු ලබන්නේ 'චිත‍්‍රපටයක්' යනු කුමක්ද? යන්නයි. මෙය මේ වන විට සංකීර්ණ මෙන්ම ව්‍යාකූලද වන මාතෘකාවක් බැවින් ඉහත ක‍්‍රමය වඩා සුදුසු යැයි සිතමි.
අපි නැවතත් ප‍්‍රශ්නය අසමු. 'කිවුවද නහී - නොකිවුවද නහී' යනු කුමක්ද? අප තෝරාගත් ක‍්‍රමවේදයට අනුව පිළිතුර මෙපරිදි ය. එනම් 'කිවුවද නහී - නොකිවුවද නහී' ක‍්‍රියාවලියේ කිසිවක් චිත‍්‍රපටයක් නොවන්නේ ය.
නමුත් ඔබ මෙතැනදී කලබල වනු ඇත. මුහුරත් උළෙල, රූගත කිරීම, රඟපෑම, තිරගත කිරීම මේ සියල්ල නිසා ඔබ කලබල වනු ඇත. එහෙත් කලබල නොවන්න. ඒ කිසිවක් "චිත‍්‍රපටයක්" නොවේ. එතැන චිත‍්‍රපටයක් නැත. වෙන වැඩ ගොඩක් පමණක් ඇත. විවේකීව "බඹරු ඇවිත්"නරඹන්න.
'නහී' යන්නට තවත් අර්ථයක් ඇත. එනම් නහිනවා, විනාශ වෙනවා, හෝ කෙළවගන්නවා යනුයි. ඒ අනුව ඉහත නමින්, 'කිව්වත් නොකිව්වත් කෙළවගන්නවා' යන්න අදහස් වෙයි. ඒ සඳහා අමතර පැහැදිළි කිරීම් උවමනා යැයි නොසිතමි. ලාංකීය සිනමාව 'ගාමණී' හරහා කූඨප‍්‍රාප්ත වී ඇත්තේ එතැනට ය.
ගාමණී, "චිත‍්‍රපටයට" රංගනයෙන් දායක නොවන දේශීය නළුවෙක් හෝ නිළියක් නොමැති තරම් ය. ඒ තරමටම නළු නිළි රොත්තක් සිටී. ඔවුනතරින් බොහෝ අය සිංහල සිනමාවේ විශිෂ්ඨ රංගන කුසලතාවයෙන් හෙබි අය වන්නෝ ය. විචාරක පැසසුමට නොමඳව ලක් වූවෝ ය. රංගනයට පමණක් නොව සංගීතය, සංස්කරණය ආදී අනෙකුත් සියළු කාර්යයන්ට සම්බන්ධ වී ඇත්තේද එවැන්නන් ය. ආගන්තුක හා කිත් පැසසුමට මෙතෙක් ලක් නොවූ එකම තැනැත්තා "චිත‍්‍රපටයේ" අධ්‍යක්ෂවරයා පමණි. (නමුත් ඔහු රණවිරුවෙකු ලෙස දේශීය සම්භාවනාවට පාත‍්‍ර වූවෙකු බව අමතක කළ නොහැක.) නමුත් චිත‍්‍රපටයේ ශිල්පීන් කිසිවෙක් චිත‍්‍රපටය තුළ තම ළකුණ සටහන් කරන්නට හෝ සාමූහිකව ගොඩනැගූ සළකුණක් සිත්තම් කරන්නට හෝ සමත් වී නැත. ඒ එම ශිල්පීන් මීට පෙර නිරායුධ මිනිසුන් විනාශ කරනා යුද්ධයට විරුද්ධ වී, ඊට එරෙහිව හඬ නගා, මෙම "චිත‍්‍රපටිය" තුළ ඉතාම තද ජාතිවාදී තේමාවකට පණ පෙවූ නිසා නොවේ, දිල්හානි අශෝකමාලා, සුජානි මේනකා වැනි සැලූන් හතරක් තුළින් එකවර රිංගා එළියට ආ වර්ගයේ ගැහැණුන්, මායිම් ගම්මානයක දී සැබෑවට හමු නොවන නිසා නොවේ, ඩබ්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා වැන්නන් රඟපෑම අත්හැර, මුදල් සෙවීම තම එකම කාර්යය කරගෙන ඇති නිසාද නොවේ, බිමල් ජයකොඩි ‘‘බකමූණා වීදි බසී’’ නාට්‍යයට ටිකට් පරික්ෂා කිරීමෙන් හෝ එක්වී ඊට සහාය දැක්වූ අයෙක් වීම නිසා ද නොවේ. එවැනි ආකාරයේ කිසිවක් හෝ නිසා නොවේ, සරලවම ඒ සියළු දෙනා චිත‍්‍රපටියේදී පමණක් නොව වෙන ඕනෑම තැනකදී පවා 'රඟපාන' බව පෙනෙන බැවිනි. මෙම චිත‍්‍රපටයට සදාතනිකව සැමරිය හැකි මනුෂ්‍ය අත්දැකීමක් රැගෙන විත් නැත. ජාතිවාදී මනසකින් මඬනාලද සිංහල බෞද්ධයෙකු වුව චිත‍්‍රපටියෙන් මොහොතින් මොහොත ඈත් කරවන්නේ ය. එම අත්දැකීම ගුණදාස අමරසේකර අතින් ප‍්‍රකාශ විය. ඔහු කිව්වේ, "කොටින් ඔය තරමටම නරුමයන් නොකර ඔවුනතරටත් සංවේදී කීපදෙනෙක් හෝ එකතු කළා නම් හොඳයි" කියාය.
අප මෙතැනදී ප‍්‍රකාශ කරන්නේ එලෙස, අමරසේකර කිවූ ආකාරයට බැලන්ස් කිරීම නිසා 'ගාමණී' හොඳ චිත‍්‍රපටයක් බවට පත් වන බව නොවේ. එවැනි බැලන්ස් කිරීමකින් අනතුරුවත් එය චිත‍්‍රපටියක් වන්නේ නැත. ඒ එහි නරඹන්නා අළුතින් උපද්දවන, අළුතින් විෂයගත කරවන "කලාව" නොමැති බැවිනි. චිත‍්‍රපටිය මඟින් එදිනෙදා පාරතොටේ හමුවන ප්‍රේක්ෂකයා ප‍්‍රතිනිෂ්පාදනය වනවා මිස අවම ලෙස නිෂ්පාදනය වන්නේ නැත. ඒ අනුව 'ගාමණී' චිත‍්‍රපටියක් නොවන්නේ කුමක්ද යන්නට තවත් උදාහරණයකි.
මේ අයුරින් චිත‍්‍රපට "නොවන ඒවා" ඉවත් කරගෙන යන විට " ඉතිරිවන ඒවා" අතලොස්සකි. ඒ අතලොස්සෙන් එකක් "වැලිකතර" වන්නී ය. වැලි කතරකට ජීවන හුස්ම පිඹින්නට සමත් අයෙක් වෙත්නම් ඒ අරුම චරිතයකි. ඔහු දියදෝතක් මෙන් විය යුතු ය. මවගේ ගර්භාෂය, දරුවාට පවතින්නට ඉඩ සලසන්නේ එය ජල පැසක් වන බැවිනි. නිසැකවම ජීවයේ පදනම ජලය යි. කුඩා දරුවන් ජෝ එක්ක සෙල්ලම් කිරීමට කැමැතිවාක් මෙන්ම ජෝ සිනමාව සමඟ සෙල්ලම් කිරීමට කැමති ය. සිනමාවට ජීවන හුස්ම රැගෙන විත් එය සිනමාවට බාර දී ඔහු ඉන් සමුගෙන ගොසිනි.
ජෝ චිත‍්‍රපටියකට නොව සිනමාවට උදාහරණයකි.
ප‍්‍රදීප් ජයරත්න
Showing posts with label සිනමා. Show all posts
Showing posts with label සිනමා. Show all posts
Sunday, October 2, 2011
Thursday, October 21, 2010
මේ කරකැවෙන්නේ බඹර වළල්ලයි
(මෙම සටහන බඹර වළල්ල චිත්‍රපටය නැඹීමෙන් පසුව කියවන්නේ නම් මැනවි.)
සිනමාව සහ යථාර්තය අතර සම්බන්ධයක් පවතීද, නොපවතීද යන්න, මේ වන විට යල් පැන ගිය ගැටළුවකි. ඒ එය විසඳාගත් නිසාම නොවේ. වෙනත් ගැටළු කරළියේ ප්‍රමුඛත්වය ලබාගත් නිසාම පමණි. කෙසේ වුවත් යථාර්ථය පුතිනිර්මාණය කිරීම යන්නත්, සිනමාව යනු ප්‍රබන්ධයක් යන්නත් එතරම් වෙනසක් නැත. මේ නිසා ප්‍රබන්ධයේ රස විමසා බැලීම විචාරක වෘතයක් ලෙස ගැනීමේ වරදක්ද නැත. ඒ අනුව සිනමා කෘතියේ තිර පිටපත, රංගනය, දෙබස් හැසිරවීම, කැමරාකරණය, සංගීතය, අංග රචනය ආදී අනේක අංශ පිරික්සා බැලිය හැක. එහෙත් සිනමා කෘතිය සමස්තයක් ලෙස සිනමාත්මකභාවය සිත් ගන්නා සුළු අයුරින් ආරක්ෂා කරගෙන ඇත්නම් එකී අංග විමසීමෙන් තොරවම
Subscribe to:
Posts (Atom)



