Thursday, November 17, 2011

ආසනික් තිබුණත් නැතත්.....

සුපර් ස්ටාර් ආසනික් සහ නාථ දෙවියෝ .....

ආසනික්, සුපර් සටාර්, මෙගා ස්ටාර් තරමට ජනප‍්‍රිය මාතෘකාවක් වී  ඇත. ජනමාධ්‍යයේත් ඉන් අනතුරුව ජන සමාජයේත් ඇවිළී යන්නට මූල බීජය වූ ගිණි පුළිඟුව මුලින්ම මාධ්‍යයට මුදාහැරියේ මහාචාර්ය නලින් ද සිල්වා විසිනි. නලින් ද සිල්වා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ පීඨාධිපතිවරයා ය. ඔහු මෙරට ජතික චින්තනය පිළිබඳ කතිකාව ඇති කිරීමේදී පුරෝගාමී කාර්යභාරයක් කළ කිහිප දෙනා අතරින් කෙනෙකි. "සිංහල බෞද්ධයින්"රටේ ප‍්‍රමුඛතම ජනවර්ගය බව ප‍්‍රකාශ කරන ඔහු ඉතිරි ජනයා සිංහල-බෞද්ධ සංරචකයේ උප කුලක ලෙස සලකයි. ඔහු "බටහිර විද්‍යාව ප‍්‍රමුඛ බටහිර චින්තනයට" මුළුමනින්ම පාහේ විරුද්ධ ය. සිංහල-බෞද්ධ ජන විඥාණයෙන් මතු වන ජාතික චින්තනය ඇසුරින් ඒ තුළින්ම නව දැනුම, ප‍්‍රවාද බිහිකර ගැනීම ඔහුගේ අභිප‍්‍රාය වන්නේ ය. ඒ අනුව බෞද්ධ ජන මනස අරක්ගත් දෙවිවරු පිළිබඳ විශ්වාසයත්, අධ්‍යාත්මික දියුණුව මගින් දැනුම වර්ධනය කරගැනීමත් ඔහුගේ මූලික පිළිගැනීමකි. එම අදහස් පද්ධතියට අනුව සිංහල බෞද්ධ සමයේ එන දෙවිවරු සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් වෙති. අනෙක් දෙවිවරු මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුන් වන්නේ ය.

රජරට ප‍්‍රදේශයේ පැතිර ඇති වකුගඩු රෝගයේ හේතුව ආසනික් ශරීරගත වීම බව මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පර්යේෂණ කණ්ඩායම ට මුලින්ම දැනුම් දී ඇත්තේ එම පර්යේෂණ කණ්ඩායමට අයත් නොවන බාහිර පුද්ගලයෙකු විසිනි.  හරියටම කිව්වොත් බාහිර තැනැත්තියක විසිනි. ඇය රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිලාභිනියකි. නමුත් මේ වන විට ඇයගේ ජීවන වෘත්තිය වී තිබෙන්නේ නාඩි බලා ලෙඩ, රෝග නිර්ණය කිරීමත්, ඒ අනුවම ප‍්‍රතිකාර කිරීමත් ය . ඇයට එම හැකියාව ලබා දී ඇත්තේ නාථ දෙවියන් විසිනි. ඒ අනුව ඇය නාථ දෙවියන් සමග සන්නිවේදනයේ යෙදෙන්නී ය. ඇය විසින් මුල් වරට, රජරට ජලයේත්, පොළොවේත්, භෝග වගාවන්හිත්, අනෙකුත් ගහ කොළ වලත්, මිනිස් ශරීරයේත් ආසනික් ඇති බව මෙම පර්යේෂණ කණ්ඩායමට අනාවරණය කර ඇත. එමෙන්ම වකුගඩු රෝගයේ හේතුව වන්නේ ද, එයම බව ඇය පවසා ඇත. මෙම දැනුම ඇයට ලබා දී ඇත්තේ, ඇය පවසන පරිදි නාථ දෙවියන් විසිනි.

‘සිංහල-බෞද්ධ’ ජන විඥාණය පෙරටු කරගත් ජාතික චින්තන දැනුම් පද්ධතියට අනුව, නාථ දෙවියන්ගේ මෙම අනාවරණය කිරීම කිසිදු අයුරකින් සැක කල නොහැක. ඒ සත්‍යක්ම ය. පර්යේෂණ කණ්ඩායම එය එලෙසම විශ්වාස කරන්නේ වුවත්, තවමත් බටහිර විද්‍යාවේ සහ බටහිර චින්තනයේ ආධිපත්‍යයට නතුවී ඊට ගැතිවී සිටින ලාංකිකයාට, මෙම ආසනික් පිළිබ`ද අදහස බටහිර විද්‍යාවේ පර්යේෂණ විධ ක‍්‍රමයන්ට අනුව පර්යේෂණයේ යෙදී සනාථ කල යුතුය. ඔවුන් පවසන්නේ, ඔවුන් එම පර්යේෂණයන්හි නිරත වූ බවයි. ප‍්‍රථිඵලය වී ඇත්තේ දෙවියන්ගේ නිගමනය නැවත සනාථ වීම පමණි. ඒ අනුව ඔවුන් එය ජනමාධ්‍ය තුළ කථා බහට රැගෙන ආවේය.

ඉහතදී සඳහන් කිරීමට නොහැකී වූ වැදගත් කාරණයක් ඇත. එනම් නාථ දෙවියන් මෙම දැනුම ලබා දෙන්නේ එක් කොන්දේසියක් ඉටු කිරීමට බැඳී සිටින්නේ නම් පමණි. එනම් තමන්ගේ ජීවිතය බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමට කැප කරන්නේ නම් ය. පර්යේෂණ කණ්ඩායම ඒ සඳහා පේවී, කැපවී සිටන බව පවසති.

නාථ දෙවියන්ට අභියෝගයක් ......

කෙසේ වෙතත් ජනමාධ්‍ය ට ආසනික් ආශික් එකක් බවට පත් විය. සමහර මාධ්‍ය එම අදහස බදා වැළඳ ගැනීමටත්, සමහර ඒවා ප‍්‍රතික්ෂේප කිරීමටත්, පෙළ ගැසුණි. රේගුවෙන් කෘමිනාශක තොගයක් මුදා හැරීම ප‍්‍රතික්ෂේප කර රඳවා තබා ගැණුනි. පසුව මේවා කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පරීක්‍ෂණයක්  කලේය. එම පර්යේෂණයේ ප‍්‍රතිඵලය වූයේ කෘමිනාශක වර්ග දෙකක පමණක් ඉතා සුළු වශයෙන් ආසනික් පැවතුනත් ඉතිරි සියල්ලේ ආසනික් නොපැවතුණු බවය. මේ සමග නලින් ද සිල්වා ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමේ අදහස අභියෝගයට ලක් විය. ඒ සමගම වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් සහල් සාම්පල් ලබාගෙන කළ පර්යේෂණයෙන් අනාවරණය වූයේ එම සහල් වල ආසනික් අඩංගු නොවන බවය.  එමෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේම රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ජනිතා ලියනගේ විසින් කලක් තිස්සේ කළ පර්යේෂණ වලින් නලින් ද සිල්වා ප‍්‍රමුඛ කණ්ඩායමේ නිගමනය සාවද්‍ය බව අණාවරණය විය. මේ සෑම පර්යේෂණයක් සම්බන්ධ තොරතුරු අඩු වැඩි වශයෙන් පුවත්පත් හෝ රූපවාහිනී නාලිකා ආදී ඒ ඒ ජනමාධ්‍ය ඒකක තුළ ප‍්‍රකාශයට පත්වෙමින් පවතී. එමෙන්ම ඒවා රටේ ප‍්‍රතිපත්ති තීරණය කිරීමේදී වැදගත් වන ආයතනයන් තුළ ද විශේෂ කථාබහකට ලක් වූවේය. එපමනක් ද නොව ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ ආදී දේශපාලන පක්‍ෂ, ආසනික් තම ප‍්‍රමුඛ සටන් පාඨයක් කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටී. ජනිපෙ නායක විමල් වීරවංශ මහතා මීට ටික කලකට ඉහතදී ප‍්‍රකාශ කලේ පාන් පිටි ත‍්‍රස්තවාදයක් ගැන ය. පාන් පිටි ත‍්‍රස්තවාදයට එරෙහිව හාල් (පිටි) ඉදිරියට රැගෙන ආ යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය. දැන් හාල් වල ආසනික් පවතී නම්, එහුගේ එම උත්සාහය ව්‍යවර්ථ වීම අනිවාර්යයකි. ඒ නිසාමදෝ එම පක්‍ෂය පොලූ, මුගුරු රැගෙන සටනට අවතීර්ණ වී සිටිති.

කෙසේ වෙතත් මේ ආකාරයට ආසනික් තිබීමට එරෙහි පර්යේෂණ මගින් කරළිය අත්පත් කරගැනීමත් සමග නලින් ද සිල්වා ප‍්‍රකාශ කළේ, තම කණ්ඩායමේ පර්යේෂණ විධි ක‍්‍රමය බටහිර විද්‍යාත්මක ක‍්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙස ඉදිරියේදී එළිදක්වන බවයි. ඒ අනුව ආසනික් විවාදය තව තවත් ඉදිරියට ඇදී යනු ඇත.

නියරේ කතිකාව

ඒ මේ සියළු සාකච්ජා අතරතුර ‘නියරේ’ අදහස කුමක්දැයි අප ප‍්‍රකාශ කළ යුතුව ඇත. එය මේ පරිදිය.

පත්තර කීපයක් හා රූපවාහිනී නාලිකා කීපයක් ආසනික් පටලවා ගෙන ඇත්තේ අලෙවි ප‍්‍රශ්නයක් ලෙස ය. ඔවුන් ට ආසනික් තිබීමේ හෝ නොතිබීමේ අදාලත්වයක් නැත. ”හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා” යන සටන් පාඨය ඔවුන්ගේ පරම ආදර්ශ පාඨයයි. අලෙවිය වැඩි වන්නේ නම්  ඕනෑම දෙයක් කරන එම මාධ්‍ය ආයතන සහ බහු ජාතික කෘෂි රසායන සමාගම් අතර වෙළඳපොල තර්කණයේ අර්ථයෙන් කිසිදු වෙනසක් නැත.

යුගයේ විලාසිතාව

විෂ ශරීරගත කර ගැනීම මේ යුගයේ මිනිස් ශරීරය පිනවීමේ ප‍්‍රධාන ආකෘතිය වී ඇත. ඒ සමඟම සත්‍යය සෙවීම වෙනුවට, යථාර්ථය වියවුලක් බවට පත් කර ගැනීම මානසික තෘප්තිය ලැබීමේ මාර්ගය බවට  පත් වී තිබේ. ජනමාධ්‍ය මේ දෙකටම නොමඳව සහාය දක්වමින් සිටී.


නලින් ද සිල්වා විසින් නාථ දෙවියන් සිංහල-බෞද්ධ ජන විඥාණය එකිනෙක සම්බන්ධ කිරීම මගින් සිංහල බෞද්ධයාට තමන්ගේ විඥාණයේ හා ‘‘තරම’’ බලා ගැනීමට කැඩපතක් නිර්මාණය කර ඇත. නමුත් කිසිවෙක් තමන්ට නොපෙනෙනා දේ කැඩපතින් බලා ගැනීමට උත්සුක වන බවක් පෙනෙන්නට නැත.

ආසනික් ප‍්‍රශ්නාර්ථිකය

අනෙක් අතට නාථ දෙවියන්ගේ නිගමනය බොරු කරමින් සහල් වල හා කෘෂි රසායන වල ආසනික් බිඳුවක් වත් අඩංගු නොවන බව තහවුරු වුවහොත් අපි කෘමි නාශක හා වල් නාශක සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමුද? අප හමුවේ ඇති බරපතල ප‍්‍රශ්නය මෙය යැයි සිතමු. නලින් ද සිල්වා පත්තු කළ වදුලේ ආසනික් නොමැති බව නිච්චියටම තහවුරු වුව හොත් කෘෂි රසායන භාවිතය කැප ද? ආසනික් ගැටළුවේ ප‍්‍රශ්නාර්ථිකය මෙතන ඇත.

නලින් ද සිල්වා මතුකරන සිංහල-බෞද්ධ ජන වර්ගය හෝ වෙනත්  ඕනෑම ජන වර්ගයක් හෝ එකිනෙක සංසන්දනය කරමින් එකක් අනෙකට වඩා ඉහළ හෝ පහළ හෙළීමට අප ක‍්‍රියා කරන්නේ නැත. නලින් ද සිල්වා පවසන පරිදි නාථ දෙවියන් යනු දුටුගැමුණු රජතුමා වන්නේය. එය ඒ ආකාරයට අර්ථ කථනය කිරීමේ අවසාන උවමනාව හා ගොඩනැගීමට උත්සාහ කරන කතාන්දරය පැහැදිලිය. එනම් බුදු දහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීමේත්, ලංකාව ආරක්‍ෂා කිරීමේත් දිව්‍යමය ආත්මය දුටුගැමුණුට සම්බන්ධ කර ඊනියා සිංහ-බෞද්ධ ඉතිහාස කථාන්තරය වර්තමානය තුල සමාජ දේශපාලන බලයක් ලෙස නැවත නැවතත් තහවුරු කිරීම ය.

(අප එම විනාශකාරී දේශපාලන එළඹුමට මෙතනදී ගැඹුරින් ප‍්‍රතිචාර දක්වන්නේ නැත. එය වෙනත් තැනක සාකච්ජා කළ යුතු එකකැයි සිතමු. නමුත් ‘ආසනික්‘ කෙතරම් ‘විෂ’ ද , එතරම්ම මෙම දේශපාලන මෙහෙයුමත් මනුෂ්‍ය සමාජයට ‘විෂ’ බව පමණක් සටහන් කර තබමු.)

බහුජාතික ආසනික්

එමෙන් ම, කෘෂි රසායන වල ආසනික් නැති බව පර්යේෂණ ඇසුරින් තහවුරු කිරීම නිසා ගොවියා සූරාකන බහු ජාතික සමාගම් වල ඉතිහාස කථාව සුජාතකරණය වන්නේ ය. ඔවුන්ගේ එම පර්යේෂණ, කෘෂි රසායන වලින් පොළොවට සිදුවුන හානියත්, ජෛව විවිධත්වයට සිදුවන හානියත්, පොළොව, ගහ කොළ, කුඩා ජීවීන් හා මහා ජීවීන් ඇතුළු මිනිසා ව්‍යාධියට පත් වී විනාශ වන ආකාරයත් අනාවරණය කරන්නේ නැත. මෙහි ඇති අරුමය එයයි. මේ නිසා එම පර්යේෂණයන් ද මිනිස් සමාජයට ආසනික් තරමටම විෂ වන්නේ ය.

ප‍්‍රාග්ධනයේ බැම්මෙන් බැඳ ගොවියා සහ පාරිභෝගිකයා සූරාකන බහුජාතික සමාගම් වල ක‍්‍රියාකාරීත්වයත්, ජාතිවාදී කතිකාව තව තවත් ශක්තිමත් කරමින්  ජන සමාජයේ ඒකමිතිය වඩ වඩාත් බිඳ වට්ටමින් විනාශ කිරීමත් යන දෙකම අප හමුවේ ඇති අභියෝග වන්නේ ය. අප මේ දෙකටම එරෙහිව සිහිය එළවාගෙන මුහුණ දිය යුතුය. එමෙන්ම අප නවීන පර්යේෂණයන්ට හෝ විද්‍යාවට තෙරුමක් නැතිව විරුද්ධ වන්නේ නැත. අපට ඇති ගැටළුව ඒවා මිනිසා පීඩාවට පත් කිරීමට එරෙහිව හා මනුෂ්‍ය සමාජයේ යහපත වෙනුවෙන් යොදා නොගැනීම ගැනය. සොබා දහම සවපත් කිරීමට නව පර්යේෂණ අවශ්‍ය බව අප විශ්වාස කරමු.

නිගමනය

මේ නිසා අපට අවසාන වශයෙන් පැවැසීමට ඇත්තේ කුමක්ද? එනම් ආසනික් තිබුණත් නැතත්, මෙම විනාශකාරී කෘෂි රසායනයන් ට, ඒවා සම්බන්ධ බහු ජාතික වෙළඳ ජාලයට අපගේ පැවැති විරෝධයේ කිසිදු වෙනසක්  වන්නේ නැති බවයි.

ප්‍රදීප් ජයරත්න

මෙම ලිපිය ''නියර'' පුවත්පතේ මැයි-ජූනි කලාපයේ පලවූ ලිපියකි









21 comments:

Anonymous said...

ආසනික් ආසනික් කිය කියා දැගලුවට මේ ප්‍රශ්නය හරියට මතු කලේ නෑ.යන්තන් ආසනික් යට ගිය හින්ද නලින්ගෙ ජාතිවාදී පෙරහැරත් ටිකක් යට ගියා.නමුත් ලන්කාවෙ මිනිස්සු ආයෙත් ඔහොම කතාවක් ආපු ගමන් දොලුකන්දෙ යන්න වගේ දගලනව.මේක කරුමයක්. වස විසට ඇත්ත විරෝදයක් ගේන්නම බෑ.අනික මේ ලිපිය ලියල තියෙන්නෙත් NGO පත්තරේක. NGO මේව අල්ල ගන්නෙ නිකම්ම project එක හින්ද විතරනෙ.

suresh priyankara.

Anonymous said...

ඒ උනාට ප්‍රදීප් තාම වන්ගීස එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල කිව්වෙ නැහැ.එයා ජානකීට, ඉදුනිල්ට කරපු දේවල් සධාරනීකරනය කරන්නෙ කොහොමද?මීට ඉස්සෙල්ල කරපුවත් හොදටම දන්නවනෙ.මලීන් ගැනත් කියන්න දෙයක් නෑනෙ.

පාලිත සිල්වා

Anonymous said...

සම්පත් ගීතික පලිත සිල්වා,

ඔබට ඔයතරමටම මිනුසුන් විනාස කිරීමට උවමනා නම් එලෙස කරන්න.අපි ගනන් ගන්නේ නෑ.
ප්‍රදීප් සමග ගැටලු විසදා ගෑනීමට තමන්ගේ නමින් බය නැතුව පෙනී සිටින්න.එහෙම නැතුව හැන්ගි හැන්ගි තමන්ගෙ පුද්ගලික තරහ පිරිමගන්න හදන වැඩ අපිට වැඩක් නැත.

ඔයාල හදාරනවනම් හදාරන්න. අපිට මොකෝ. අපෙන් සුබ පැතුම්.මටනම් හදරන්න වෙලාවක් නෑ. නමුත් කවුරුහරි හදාරනවනම් ඉතින් හොදයි.ඒත් ඔබ විනයක් ඇතුව මොකවත් හදාරන බවක් පේන්නෑනෙ. පුලුවන් කමක් තියෙනවනම් හදාරන්න. ඒක හොද දෙයක්.

ප්‍රදීප් ල හදාරනවද කියල මම දන්නෙ නෑ.වන්ගීස වැරදි වැඩ කලානම් එයාගෙන් අහන්න.ඔබට ඒ සදහා දෙවියන්ගෙ ආනුබාවය තිබෙන බව පිලිගනිමි.ඔබ සියල්ලෙන් පිරිසිදු වූ දෙවියන්ය.ඒ නිසාම ඔබට දිගටම අනුන්ගෙන් කකා විසිය හැක.යන යන තැනින් කීය කීය හරි ඉල්ලාගෙන ලොකු වැඩ කරන බව පවසා බස් එකේ ගොස් පාර අයිනක ගන්ජා පානය කල හැක.

ස්‍රියන්ත මෙන්ඩිස්

Anonymous said...

ප්‍රදීප් සරණං...
ආසනික් විරෝධං..
නලීන්ව කාපං...
කාලා වීරයෙක් වෙයං...

කැත වැඩ කරපං...
සමාජයට හොද මූණ පෙන්නපං..
ගෑණුන්වගෙන් කාපං...
කාලං උන්වත් කාපං..
පඩියත් ඉල්ලපං...
පඩයත් ලෙවපං..

වාසුට උල්පන්දං දීපං...
දීලා ඡන්දෙන් ගසපං...
බැරිවැඩ හංගපං...
හොද මූණක් පෙන්නපං..

ආදරයට වෛරකරපන්...
ආදරය කරනඋන් වලලපන්...
වටේම දුවපන්...
ඇවිත් කාගෙන්හරි ඉල්ලපන්..

වංගීසව උස්සපං...
උස්සලා කටටත් ගනිං..
යනකොට ඉල්ලලා ගනිං...
ගියාමත් ඉල්ලපං..

දන්න බව කියාපන්...
කියාලා උන්ගෙන් ගනිං...
ශ්‍රාවකයින් හදපං...
හදලා උන්වත් ගොත ගස්සපං..

යාළුකම ගැන කියපං
කියලා බලුවැඩ කරපං...
උ ඉද්දි බත් ඉල්ලපං...
නැතිවෙද්දි උස්සපං..

නිවනක් නැති තට්ටයාගේ උදාන ගීය..

සිල්වා පාලිත

Anonymous said...

ලස්සනයි.පලිත සිල්වා ,සිල්වා පලිත,සම්පත් ගීතික,නලින් ද සිවා අතර වෙනසක් නෑ වගේ.පුද්ගලික තරහක තරම.සමාජය විනාස කරන්නෙ ඔය වගේ පුද්ගලික තරහවල් තමයි.කොහොම උනත් දිගටම දීප්තිටත් වැඩිය හොදට ඔය වැඩේ කරන්න.මගේ සුබ පැතුම්.ඕකට තමයි සම්පත් සිල්වා දේශපාලනය කියන්නෙ.ඔහොම යන්.
ඔයා ඔයතරම් ගිනි අරන් ඉන්න එක ගැන මටත් දුකයි.මොනා කරන්නද.ඒත් ඉතින් ඔයාගෙ කැත හිතට මම පලි නෑනෙ.
මෙන්ඩිස් ශ්‍රියන්ත

Anonymous said...

කැතවැඩ කරපුවා පුද්ගලික තරහා පිට දාලවත් වහගන්න බලන්න.. ප්‍රදීප් මෙන්ඩිස්

Anonymous said...

ශ්‍රාවකයින් හදපං...
හදලා උන්වත් ගොත ගස්සපං..

නිවනක් නැති තට්ටයාගේ උදාන ගීය..

මේ වගේ ඒව නියමයි දිගටම දාන්න.ඔයාට බුදු සරනයි පැටියෝ.

සුරේඛා.

Anonymous said...

ප්‍රදීප්ට මේ දාන ඒව ගැන උනන්දුවක් නැත්තෙ ඇයි කියල හොයල බැලුවොත් හොද නැද්ද?ඒකත් හොයන්න වටින කාරනයක්.ප්‍රසාද් කියන්නෙ මිනිහට type කරන්න බැරිහින්ද කියල.ඒකෙ ඇත්තකුත් ඇති.තව මොනා හරි තියෙනවද දන්නෑ.

අනික මේ තරම්ම මේ මිනිහව උස්සන්නෙ මොකද කියන එකත් ප්‍රශ්නයක්.ඒ තරම් serious චරිතයක්ද?

Anonymous said...

ඒකනම් සහතික ඇත්ත.. උඹලට පිස්සු, උඹලා ගදයෙක්ව පොරක් කරනවා.. පස්සේ කාටවත් පලාතක ඉන්න බැරිවෙයි.. පඩ ගදට..

Anonymous said...

බළල්ලු ලවා කොස් ඇට බාවන එකෙක්ගෙන් මේවා ගැන උනන්දුවක් නැත්තේ ඇයි කියලා ඇහුවාම හරිය? තොපි හැමෝටම පිස්සු....
බළලෙක්...

Anonymous said...

NGO වලින් කාලා රටට ද්‍රෝහිකම්කරන අවජාතකයින් ආසණික් ප්‍රශ්ණය ගැන කතාකරන්නේ හරියට සුදනෝ වගේ.. මුන් හිරිකිතයක් නැතිව නලීන් සර්ට විරැද්ධව කතාකරනවා... මුන්ට එහෙම කතාකරන්න තියන සුදුසුකම මොකක්ද? මුන් මේ රට නැතිකරන්න පිඹුරැපත් සකසනවා එතකොට ඒවට කව්රැහරි විරැද්ධ වුනොත් එයා ජාතිවාදියෙක්. හැබැයි මේ රටේ මිනිස්සුන්ට වින කරන NGO කාරයෝව මුන් උඩදානවා.. උන් මොනවා කලත් මුන්ට කමක් නෑ.. නලීන් සර් තමන්ගේ වැටුප වෙනුවෙන්ද සටන්කරන්නේ? එහෙම වැටුප වෙනුවෙන් සටන්කරන වුන් මුන්ට වීරයෝ වාමාංශිකයෝ.. මුන් කාලයක් ලන්ඩන් උඩ දැම්මා පස්සේ අද උන්ම ඒවට විරැද්ධව කතාකරනවා.. NGO සල්ලි දෙන්නේ මොනවටද මුන් ඒ වෙනුවෙන් කතාකරනවා.. මුන්ට කොහොමත් බඩහිට පඩෙත් රසයි.. මුන් ඒ සංස්කෘතිය ගැන මෙහේ කතාකරනවා.. මෙහේ සංස්කෘතියක් තියනවද දන්නෙත් නෑ.. නමුත් එහෙම ලංඩනයක් අපි යද්දි එහේ නෑ.. දැන් නලීන් සර්වයි ඒ පර්යේශණයයි ජෝක් කලාම ආසනික් ගැන ප්‍රශ්ණයක් නෑ. මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වලට කෙල වුණාට කමක් නෑ.. දිගින් දිගටම මුන්ට විරැද්ධව චෝදනා කල කණ්ඩායම පුණ පුණා පැවසූයේ එයයි.. අපට ඔහුන් වීරයන් වන්නේ මිනිස් ජීවිත ගැන ඔවුන් දැක්වූ සංවේදීතාවයටයි. ගැහැණූ යණු මුන්ට නිදාගන්න තියන පාරිභෝගික භාන්ඩ. තමන්ගේ මිත්‍රයාට නැතිනම් සහෝදරයාට අවංක නොවූ කෙනා සමාජයට අවංකවේයැයි අප විශ්වාස කරන්නේ කෙසේද?මොවුන් පසුපස යන වුන් මොවුන්ගේ චින්තනය කාලෙන් කාලයට වෙනස්වන හැටි අධ්‍යනය කරන්නේ නම් මොවුන් පිටරට රෑකඩ යන්න පසක්වේවි.. මුන් කාලයක් නීතිය සහ පිළිවල,ශිශ්ඨත්වය ගැන කතාකලා අද ඒවා ආගිය අතක් නෑ.. මුන් හිතන්නේ සමාජය මැරිලා උපදිනවා කියලා.. ගින්නක් නැතිව දුමක් නොනගී.. මේ ‍චෝදනාවල යම් යම් සත්‍යතාවයන් ගැන අපටද අදහසක්ඇත. මෙවැනි සමාජ විරොධීන්ගෙන් සමාජය මුදවා ගැනීම අද දවසේ වගකීමකි. එමෙන්ම ඔබ දැනටමත් අප ජාතිවාදී එමෙන්ම නලීන්ද සිල්වාගේ ගොලයන් බවට පත්කර ඇතිවාට සැකනැත. අප ජාතිවාදයට තදින්ම විරැද්ධවේ. එය සිංහල, දෙමල, මුස්ලිම් කිනම් වේශයකින් පැමිණියද අප එය පිටු දකිමු. නමුත් අප දකින්නේ සහ එරෙහිවන්නේ සිංහල ජාතිවාදියාට පමණක් නොවේ. කොහොමත් ඔයාලට ආසනික් තිබුණත් නැතත් ප්‍රශ්ණයක් නෑ... තියන තරමට හොදයි(එහෙම වුණාම මිනිස්සු ගොඩාක් ලෙඩවෙලා මැරෙනවා එතකොට පිටරටවලින් ගොඩාක් සල්ලිත් එනවනේ).. අපිට එහෙම නෑ.. අපි මේ රටට ආදරෙයි.. රට වෙනුවෙන් මිනිස් මැදිහත් වීමක් කරන්න උත්සහ දරන නලීන් සර් වගේ කෙනක් සම්බණ්ධයෙන් කතාකරද්දි මීට වඩා වගකීම්සහගත වුනොත් හොදයි.. ඒ වගේම ලංකාවේ ඉතිහාසය ගැන මීටවඩා හදාරණවානම් ලංකාවගැන පොඩි හරි ආදරයක් හිතේ උපදීවි..

සාලිය

Anonymous said...

විෂ ශරීරගත කර ගැනීම මේ යුගයේ මිනිස් ශරීරය පිනවීමේ ප‍්‍රධාන ආකෘතිය වී ඇත. ඒ සමඟම සත්‍යය සෙවීම වෙනුවට, යථාර්ථය වියවුලක් බවට පත් කර ගැනීම මානසික තෘප්තිය ලැබීමේ මාර්ගය බවට පත් වී තිබේ.

Anonymous said...

Monawa unath digatama baber ta gahana eka nawaththanna epa.eka thamai me kale karanna thiyena lokuma wade.wena wada nathnam.namuth eyata nama kiyala liyana aya prawesam wenna,eyalatath anagathayedee sundara praharayak balaporoththu wanna.

Nihara awasya deya kiyana thuru api bala hindimu.modelin karana kella gana idiriyedi liyannam.eya gana sujeewa danuwath kireematada api balaporoththu wemu.
GIRIULLE PAHARAYIN API GANAN GANNE NATHA.Aruna mala unuth mala yai sithamu.

Anonymous said...

මේක ගූ බාබර්ගේ ආතල් එක නිසා මෙම වෙබ් අඩවියේ නාමය ගූ කාණුව යනුවෙන් නිවැරදි විය යුතුයි...

Shehan Maliyadda said...

මාර බ්ලොග්ගෙක ඕයි

Anonymous said...

http://www.facebook.com/permalink.php?story_fbid=153746418058193&id=100002685073702

Anonymous said...

(අප එම විනාශකාරී දේශපාලන එළඹුමට මෙතනදී ගැඹුරින් ප‍්‍රතිචාර දක්වන්නේ නැත. එය වෙනත් තැනක සාකච්ජා කළ යුතු එකකැයි සිතමු. නමුත් ‘ආසනික්‘ කෙතරම් ‘විෂ’ ද , එතරම්ම මෙම දේශපාලන මෙහෙයුමත් මනුෂ්‍ය සමාජයට ‘විෂ’ බව පමණක් සටහන් කර තබමු.)

Deepthi Kumara Gunaratne,
Fernando Rd.
Panadura.

Anonymous said...

සොබා දහම සවපත් කිරීමට නව පර්යේෂණ අවශ්‍ය බව අප විශ්වාස කරමු.

- Michelin Baba

Anonymous said...

මෙහි ඇති අරුමය එයයි. මේ නිසා එම පර්යේෂණයන් ද මිනිස් සමාජයට ආසනික් තරමටම විෂ වන්නේ ය.

PJ

Anonymous said...

අපි දන්නවා ජනතාව බොහෝවිට ආශාකරන දේ ලබාගන්න ඇත්තටම උවමනාව නෑ. ඔබ ප‍්‍රාර්ථනා කරන දේ හැබෑවටම උවමනා කරන්න බිය වෙන්න එපා. ඔබට බොහොම ස්තූතියි.

Zizek Gunarathna,
"Piriwena" para
Panadura,
Rtmalana.

Anonymous said...

සාලිය,

ඔබෙ කොමෙන්ට් එක තුල දක්වා ඈත්තේ මෙම ලිපිය ආසනික් වලට පක්ශපාතිව ලියනලද්දක් බවයි.නමුත් ඔබ එය තරමක් ඉවසිමකින් කියවනවා නම් එම ලිපිය හුදෙක් හාල්වල ආසනික් තිබේද/ නොතිබේද යන විවාදයට එහා ගොසින් කෘශිරසායන නිශ්පාදනය කරන බහුජාතික සමාගම් පිලිබද විවේචනයක් කරන බව දෑකිය හෑක.එ අනුව බලන විට මට නම් මෙ ලිපියේ තියෙන්නේ බටහිර දෑනුමද දේශීය දෑනුමද යන්න ගෑටලුවක් නොවේ.කොහොමටත් මම නම් දෑනුම විශ්වීයයි ලෙස සලකන අතර එයට ප්‍රාදේශීය අනන්යතාවයක් ඈතෑයි පිලිගන්නෙ නෑත.
ඊට අමතරව ඔබද මෙම ලිපියට කොමෙන්ට් දෑමු 'අනෙක් අය' මෙන් මෙම ලිපියට කිසිදු අදාලත්වයක් නොමෑති විවිද මඩ හා අවලාද නගයි. සමහර විට එය සින්හල බෞද්ධ කොමෙන්ටුවක හෑටි විය යුතුය.
එසේම ඔබේ කොමෙන්ටුවෙන් වෙනත් අයට විශේශයෙන් x කණ්ඩායමේ අයට වෙනස් වීමට කිසිදු අයිතියක් නොමෑති බවට සලකයි. එය එසේනම් 1986දී ඔබේ නලින් 'සෑර්' විශ්ව විද්යාල ආචාර්යවරුන්ට පඩි වෑඩි කරන්න කියලා සටන් කරද්දි ඔහු වෑටුපට නෑතුව මොකටද දන්නේ නෑ සටන් කලේ.ඔබ දෑනටමත් මාව බටහිර අනුකාරකයකු බවට නම්කර ඈතිවාට සෑක නෑත.මගේ මෙ බටහිර දෑනුම ගෙන කෝප නොගෙන මට පොඩ්ඩක් කියනවද ඔබ ජාතිවාදි නොවන්නෙ මොන පදනමින්ද? සහ ඔබලා අද වෙනකොට නිශ්පාදනය කර ඈති ප්‍රවාද මොනවාද? කියලා

සමල්