Tuesday, September 28, 2010

කුමාරිගේ වරද “පිරිමි විශ්වාස කිරීමයි.”… උරෙයිප්පු සාප්පාඩ” පොත ගැන සටහන්

(http://maruwaxx.wordpress.com/ වෙතින් උපුටා ගත්තකි)

කුමාරී කවිපොතක් එලි දැක්වීය. “උරෙයිප්පු සාප්පාඩ (සැර කෑමක්) (නො ඇසූ කන් වලට)”  2010 සැප්. 25 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ  පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතන පරිශ්‍රයේදී පැවැත්වින.


මෙම ආයතනයේ ලොක්කා හෙවත් ජගත් නම් විත්‍රශිල්පියා එහිදී කතා කලේය. ජගත් ඇගේ කවි වෙනුවෙන්වත් මානුෂික හිත වෙනුවෙන්වත් පෙනී සිටියේ නැත. ඇගේ කරදරය නිසා ආ බව පැවසීය. ඇය පුරාවිද්‍යාඥවරියන් කරන්නාසේ  “ඇක්ටිවිස්ට්” වර්ගයේ පොතක් ලියා ඇති බව කීය. එනම් ඇය ද්‍රවිඩ මිනිසුන් වෙසෙන පලාත්වල ඇවිද නැවත කොළඹට පැමින කවි ලියන බවයි. ඒ හැර ඇගේ අවංක හිත ගැනවත් ස්ත්‍රී වාදී කවි ලියා ඇති බව වත් ඇය ස්වයං ස්වප්නකයක ඉන්නා බව වත් පැවසුවේ නැත.


අඩුමතරමින් මෙම උත්සවය මොඩරේට් කරන්නට පැමිනි මනුෂ්‍යාද ඇය වෙනුවෙන් පෙනී සිටියේ නැත. කිසිවෙකුවත් ඇය මෙම කවි මූනිස්සම් යොදා සිංහල පිරිමින්ට වෙඩි තබා ඇති බව වත් ආවර්ජනය කර නැත.

කුමාරි‍ දෙමල මිනිසුන්ට ගෙවල් සෑදූ ගැහැනියකි. ඇගේ අතේ ඇති මුදල් වියදම් කර ඉවරවුනාම කාගෙන් හෝ ඉල්ලාගෙන සුනාම්යෙන් අනාත වූ මිනිසුන්ට උදව් කල ගැහැනියකි. නැගෙන හිර ගම්වල තනිපංගලමේ පයින් ඇවිද ගිය ලැබුණු දෙයක් කන ලැබෙන තැනක නිදාගන්නා ගෑනියෙකි.

චන්ඩි පිරිමින්ට බය නැති ගෑනියෙකි. අනේ ඊයියා චීචීය්යා නොකියන ගෑනියෙකි. කොළඹ විශාල ගෙවල්වල ඉන්න ලොකු ටෝක් දෙන තඩි පිරිමි 16යි මාසයේ නංගිලා බවට පත්කරන ගෑනියෙකි. පොර ටෝක් දෙන මාධ්‍ය චන්ඩින් ලමයි බලාගන්නා අක්කිලා බවට හැරවූ ගෑනියෙකි.නමුත් ඇය ඉතා මෘදු හිතක් යුද්ධයේ කුරිරුබවින් සැලෙන ස්ත්‍රීයක් වූ බව ඇගේ කවි පොත සාක්ෂි දරයි.

 

ඇගේ පොත මට නම් කවි පොතක් නොවේ. ඒක කවි පොතක් වීමට අවශ්‍යද නොවේ. මට අනුව මේ ඇය ඇයට කීමට ඇති දුක ප්‍රකාශ  ආකාරයයි. ඇය ඇගේ දුක කොහොම කිව්වම මොකද. 

 

කවුරුවත් අහන්නැති අහලත් නැති අහන්න කැමතිත් නැති ඇගේ හිතේ හිර වුනු දුක කොහොම කිව්වම මොකද ? අනික ඇය කියන්නේ ඇගේ පුද්ගලික දුකක් ගැන නොවන නිසා කොහොම කීවත් ඒ ස්වරය මතකයට නොඑන්නේ නම් ඒ පිරිමියා හෝ ගෑහැනිය මිනිස් ඩමි බවට පත් වී ඇති එවුන්ය.


දරු දුක දැනෙන්නේ ‍මෙගා ටෙලිවල ඉන්න පාට ගා ගත්ත ගෑනුන්ට පමනක් නොවේ. කළු කැත ගඳ ගහන නාන්නේ නැති කන්න නැති කූඩාරම්වල ඉන්න අම්මලාටත් සැබැවින්ම දරු දුක දැනෙනවා. තම දරුවා මරන්න අරන් යනවා දකින්න ලැබුනේ ඒ කැත ගෑනුන්ටයි. කොළඹ ටෙලි බලන චූන් එකට යාපනේ යන තක්කඩි අම්මන්ඩිලාට වඩා කුමාරී මානුශික වන්නේ ඇය ඒ කැත ගෑනුන් ගේ දුක වෙනුවෙන් පෙනී සිටි අර්ථයෙනි.



සිංහල භාෂාව, කවි බස, සඳස්, නිසැඳස් ගැන පාරම්බාන කොළඹ තුම්මුල්ලේ මෝඩ විද්යාලයේ හරි කැළනියේ පිරිවෙනේ උපාධි සහතික ගන්න දඟලන බයියන්ගේ කවි පොත් වලට වඩා මේ කවි “කවි” වෙනවා.

මේ සල්ලිවලට සිංදු ලියන මාචාරිය සුනිල් ආරියරඩ්න ලොක්කාගේ  වැල් බයිලා වලට වඩා යමක් ඇති කවිය. එවා කවි වල ආකෘතියේ ඉහල ස්ථරයකි.


මට දිරවන්නැත්තේ ඇය විශ්වාසයෙන් ලියූ පොත එළි දැක්වීමේ දිනයට පැමින කතාකල විමලනාත්වත් ජගත් වත් ඇය වෙනුවෙන්වත් ඇගේ පොත වෙනුවෙන් වත් පෙනී නොසිටි එකටයි.

කුමාරිගේ වරද කුමාරි පිරිමි විශ්වාස කිරීමයි. සවයං සිහිනයක ජීවත්වන තුමාරී නැවත නැවතත් හෝද හෝදා මඩේ ඔබනිනේ ඒ නිසාය.


වෙඩි වැදුනු කවි පොතක් ලියු උඹට මම කැමතියි.



(කුමාරි ගේ පොත ගැන අත්‍යාවශ්‍ය මෙම සටහන 'මරුවා' - http://maruwaxx.wordpress.com/ බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තකි.  මුල් ලිපිය සඳහා මෙතන බලන්න)

4 comments:

Anonymous said...

meka niyama post ekak. maruwa ge atham post walata mama ekanga nethi unath meka 100%.
(maruwa comment karanna denne nethi nisa methana hari danawa)

ranju said...

'කළු/කැත/ගඳගහන ගෑණුන්ට ගෙවල් හදන කුමාරි'
කදිමයි මරුවා.

Anonymous said...

කුමාරිට මම කැමතියි.මම ජාතිවාදී නෑ....

charmi said...

ඒ පිළිබඳ ඔබේ පෝස්ට් එක කියෙව්වා. බොහෝදුරට එකඟයි.