Wednesday, September 22, 2010

නිමක් නැති හිස්බව වෙනුවට....


පියවරක් ඉදිරියට තබන්නට
බිමක් නැති කොට,
පාරුවක් තැනීමු.

උඩුගං බලා යන්නට නොව,
මුඩු බිමක් හෝ හමුවනතුරු
නොගිලී ඉන්නට.

ලැබේනම් කෙදිනක හෝ
ඔබ හා සාමීචියේ යෙදෙන්නට
සම-උස්  බිමක?

පාරුවකට ‘සානුව’ යයි
නම තැබූවේ එහෙයිනි.

අඩුමගානේ,
නිමක් නැති හිස්බව වෙනුවට
මොකක් හරි දෙයක්.......!

2 comments:

``` Outsider``` said...

ගොඩක් අය මුඩුබිමක් වත් නැතිව හොයා යනව තමයි මේ හිස්කමෙන් මිදෙන්න..
අපි කවුරුත්... හැමදාම..
ඔබට ජය !

Anonymous said...

Useless...it is cyberspace....no politics...we are post human....maruwa