Friday, December 3, 2010

අජිත් අමාරුවේ දැමීමේ එකම මඟ 'ශාස්තෲ' කියවිම මිස මග හැරීම නොවේ

කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව, ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන බැවින් කියවීමට ආලෝකයද සම්බන්ධ වන්නේය. ඒ කවරක් සම්බන්ධ වුවද කියවන්නේ වෙනසයි.

'අ' යන්න සහ 'ර' යන්න අතර වෙනස මිස 'අ' යන්නෙහි එහිම වූ සාරයක් කියවන්නේ නැත. 'ර' යන්නටද අනෙක් අකුරු නොමැත්තේ නම් එහිම වූ අනන්‍යතාවයක් නැත. එහෙත් කියවන විෂය (Subject) ඒ ඒ අකුරට වෙනස මඟ හැර සාරයක් ප්‍රක්ෂේපනය කිරීමට යත්න දරන්නේය.  එවිට 'අ' යන්නට 'ර' යන්න හෝ 'යා' යන්න නොමැතිව ස්වාධීන පැවැත්මක් ඇතැයි සිතයි. නොඑසේ නම් එලෙස සිතීමට ඇවැසි පදනම සකසා ගනී. පාරභෞතිකය යනු මෙයයි. එනම් වෙනස මඟහැර පෙනෙන දෙය සාරයක් බවට පත්කර ගැනීමයි. මින් අනතුරුව වෙනස පෙන් වූ සැණින් සාරය/අනන්‍යතාවය තර්ජනයට ලක්වීමට නියමිතය. ඉන් ගැලවීමේ මග තහංචියයි. තහංචි පැනවීමයි.

විෂය අනෙකා මතට ප්‍රක්ෂේපණය කල සාරය කැඩපතක් කරගෙන අනන්‍යතාවය ගොඩනගා ගනී. අනෙකා සෙලවෙන විට වෙනස මතුවීම නිසා තර්ජනයට ලක්වන්නේ අනන්‍යතාවයයි. තහංචියේ මූලය මෙය වන අතර, මේ ශිෂ්ඨාචාරයේ ආරම්භය ලෙසද සැලකිය හැකිය. වෙනස ඉඩක් මිස දෙයක් නොවේ. එතන ඇත්තේ හිස්කමයි. විෂය (Subject) යනුද හිස්කම මිස දෙයක් නොවේ. 'කියවීම' නිසා සාරයේ පාරභෞතිකය මතු පිටට මිරිකෙන්නේය. හරියට මඩ වලක් පෑගූ විට පා ඇඟිලි අතරින් මඩ මිරිකී එන්නා සේය.

ශිෂ්ඨචාරය යනු විෂය මත අනන්‍යතාවය සළකුණු කල නිමේෂයයි. එහෙත් කියවීම යනු වෙනස පෙන්විමයි. (හිස්කම පෙන්වීමයි). මේ නිසා ශිෂ්ඨාචාරය ආරම්භයේ සිටම කියවීමට එරෙහි විය. එනම් ශිෂ්ඨාචාර තහංචිය පැනවූයේ කියවීමට එරෙහිවය. මුලින් ආවේ ශිෂ්ඨාචාරයද, කියවීමද යනු නොඇසිය යුතු ප්‍රශ්නයකි. මෙතැනදී දයලෙක්තික කියවීමක උවමනාව පමණක් අවධාරණය කරමු.

(මෙය චිත්‍රපටයක දෙබසක් නොවේ)
වලව්වෙ හාමිනේ - මොකද කරෝලිස් උ‍ඹේ කෙලීට වෙලා තියෙන්නේ.... මොකක්ද ඔය ඉවරයක් නැති ඉස්කොලෙ ගමන..... ලියන්න කියන්න ඉගෙන ගන්නේ මහ ඒජන්ත උන්නාන්සේ වෙන්නද?.... මෙන්න මෙහෙ එන්න කියපං විකාර නැතුව.... වලව්වෙ වැඩ තියෙනවා.....

කරෝලිස් - අනේ මන්දා හාමිනේ..... මාත් දෙතුන් දොහේ කිව්වා....

ලිවීමට හා කියවීමට එරෙහි වූ ඉහත සමාජ සන්දර්භය වැඩවසම් එකකි. ඒ ධනවාදය නොවේ. ධනවාදය ලිවිමට කියවීමට ඉඩදීමට තරම් smart ය. එලෙස ඉඩ දී එතැනම නතර කරයි. ධනවාදය තුළ කියවීමට එරෙහි තහංචි වෙනත් ආකාරයක් ගනී. Irreading හෙවත් මග හැරීම එවැනි එක් ආකාරයකි. වැඩවසම් ක්‍රමය හා ධනපති ක්‍රමය අතර වෙනස කියවන්න. කියවීමට එරෙහි වී වැඩවසම් ක්‍රමය, දේපළ හා වරප්‍රසාද සමාජයේ කොටසකට සීමා වීමේ පදනම, එනම් කුළ ක්‍රමය ආරක්ෂා කලේය. කියවීමට එරෙහි වී ධනපති ක්‍රමය ආරක්ෂා කරන්නේ කුමක්ද? පංතියද? එලෙස සිතන්නේ නම් ඒ ද වැඩවසම් ඔලුවකි.

ශිෂ්ඨාචාරයේ කොන්දේසිය තහංචිය නම්, එහි ඊළඟ පියවර කියවීමයි. අපි තහංචිය රැකගෙන කුණුවෙන එකට එරෙහිව කියවමින් වෙනස/ආදරය/ජීවිතය සළකුණු කරමු.

"අන්න විකුණනවා... අන්න හම්බ කරනවා..." ඉතින් මොකෝ? මේ මොන බයිලද? ගැටළුව ඇත්තේ ඊට ආලෝක වර්ෂ ගණනාවක් එපිටිනි.

1995 සිටි නිර්මාල්ම 2010 දීත් බලාපොරොත්තු වීම යනු වෙනස වෙනුවට සාරය උත්කර්ෂයට නැංවීමකි. 95 නිර්මාල්ම 2010 දීත් නොසිටීම  ගැන උරණ වන්නේ වෙනස කියවීම නිසාය. කියවන්නාගේ සාරය තර්ජනයට ලක්වී ඇත. නමුත් නිර්මාල් යනු වෙනස මිස සාරය නොවේ.

මේ නිසා කියවීම වෙනුවට වට වංගු ගණනාවකින් අනතුරුව මග හැරීම ආදේශ වන්නේ විෂයයට අනන්‍යතාවය අහිමි වේදෝ යන බිය නිසාය. නමුත් අනන්‍යතාවය යනු අල කොලය මත වතුර බිංදුව තරමේ පාරභෞතිකයක් බව අවබෝධ වුවහොත් භෞතිකය මුණ ගැසෙනු නියතය. නමුත් කියවීම ලෙස අකුරු කියවීම ආදේශ වන්නේ නම් එය සියල් සපිරි සාරාත්මක චාරිකාවකි. සූර්ය ආශ්‍රම වන්දනාවකි. එනම් එය නො-කියවීමයි. ඒ වෙනුවට කියවීම යනු අනෙකාගේත්, මගේත් අනන්‍යතාවය බිඳ දමන මෙහෙයුමකි. කියවීම දේශපාලන ව්‍යායාමයක් වන්නේ එවිටය.

අජිත් ශාස්තෲ ලිවීම දේශපාලන ව්‍යායාමයක් බව පවසයි. අජිත්ට එම වාක්‍යයේ භෞතිකය මුණ ගැස්විය යුතු නම් ශාස්තෲ තුළ වෙනසත්, අජිත් සහ ශාස්තෲ අතර වෙනසත් කියවිය යුතුමය. ඒ මේ ඕනෑම ඕනෑම කියවීමක් වෙළඳ ප්‍රචාරණය සඳහා යොදා ගත්තාට කිසිවෙකු කළබල විය යුතු නොවේ. ඒ විකුණන/විකිණෙන තැන ජීවිතය/ආදරය ලිස්සන බැවිනි.

ඉතින් ශාස්තෲ කියවමු. අලුත් සාකච්ඡාවක් ගොඩනැගීමට වෙර දරමු.

ගයාන් ඩග්ලස් ප්‍රනාන්දු
ප්‍රදීප් ජයරත්න

14 comments:

Anonymous said...

barapathalai.anga
keeri gahenawa wage
gathiyak awa.

WIKRAM.

Anonymous said...

This comment from,
http://taboosubjects.wordpress.com/2010/12/01/208-2/#comment-8056

Kassa said
December 4, 2010 at 5:04 pm

සුදු වෙන කෙනෙක්ගේම්බ්ලොග් පොස්ට් එක්කට තමන්ගේ සයිට් එකේ කොමෙන්ට් දාන්නේ මොකෝ. මෙතන දාන්න බැයිද . කවුරු කතා කලත් කෙල්ලට ගෙය්[ං එලියට එන්න එපා කියලා අම්ම කිව්වද?
ඕක සම්බන්ද ලිපි වල ගයාන් ඩග්ලස් ලියපු එක්ක මෙහෙම කෑල්ලක් තිබ්බා
“‘අ’ යන්න සහ ‘ර’ යන්න අතර වෙනස මිස ‘අ’ යන්නෙහි එහිම වු සාරයක් කියවනනේ නැත. ‘ර’ යන්නට ද අනෙක් අකුරු නොමැත්තේ නම් එහිම වු අනන්‍යතාවයක් නැත. එහෙත් කියවන විෂය (Subject) ඒ ඒ අකුරට වෙනස මඟ හැර සාරයක් ප‍්‍රක්ෂේපනය කිරීමට යත්න දරන්නේය. එවිට ‘අ’ යන්නට ‘ර’ යන්න හෝ ‘යා’ යන්න නොමැතිව ස්වාධීන පැවැත්මක් ඇතැයි සිතයි. නොඑසේ නම් එලෙස සිතීමට අවැසි පදනම සකසා ගනී. පාරභෞතිකය යනු මෙයයි. එනම් වෙනස මඟහැර පෙනෙන දෙය සාරයක් බවට පත් කර ගැනීමයි. මින් අනතුරුව වෙනස පෙන් වූ සැනින් සාරය/අනන්‍යතාවය තර්ජනයට ලක් වීමට නියමිතය. ඉන් ගැලවීමේ මඟ තහංචියයි. තහංචි පැනවීමයි.”
මම තුන්පාරක් විතර මේක කියෙව්වා. තේරුනේ නැ, හතරවෙනි පාරටත් කියෙව්වනම් පිස්සු හැදෙනවා.
මමනම් හිතන්නේ ලිපියක් හර වෙන්නෙ බර වෙන්නේ දාල තියන මහප්‍රාණ අකුරු ගානෙන් වත් තෙරෙන්නැති විශෙෂන පද ගානෙන්වත් නෙවේ මෙයා. තෙරෙන සින්හලෙන් සරලව කියන කාරනාව නියම තැනට කියන්න.

Anonymous said...

කියවීමට අර්තයක් එන්නෙ සන්දර්බයක්
තුල විතරයි.සන්දර්බයෙන් පිට කියෙව්වම
තේරුමක් නෑ තමයි.ගනිතය කියවන්න ගනිත context
එක තුලට එන්න ඕන.මෙතනත් එහෙමයි.
කියවීම ගැන science එකකින් ලිව්වම
එහෙමෙහෙ කියවල වඩක් නෑ.
ටිකක් අමරු වැඩක් තමයි.

Anonymous said...

ඇත්තටම මේ ලිපියෙන් කියන්න හදන්නේ මොකක්ද..? ඇයි මේ ගොල්ලන්ට තේරෙන සිංහලෙන් ලියන්න බැරි.

Anonymous said...

ප්‍රදීප් ජයරත්න ගැන දන්න ඕන එකෙක් දන්නවා එයා කව්ද කියලා. තමන්ටත් වැඩක් නැති තමුන්ගෙනුත් වැඩක් නැති වුන් ඕනතරම් මේ ලෝකයේ ඉන්නවා... හැබැයි එහෙම අය අන්ති අයග් අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරනවා. මෙතන අහිංසක කියන වචනයටනම් මෙයාගේ අස්ධර්බය ත=ල අර්ථයක් තියනවා..
තව දෙයක් මේ වගේ තේරැම්ගන්න බැරි විදිහට ලීවහම ගොඩාක් අයට අර්ථයක් එන්නේ නෑ. එහෙම වුනාම ප්‍රදීප් ජයරත්න සාරයක් බවට පත්වෙනවා.
ගයාන් ඩග්ලස් ප්‍රනාන්දු ඔයාට දෙයියන්ගෙම පිහිටයි
දමිත් රංගන

Sanuwa said...
This comment has been removed by the author.
Anonymous said...

ගයාන් ප%නාන්දු මිත=රගේ අදහස් හොදයි... මොකද ඔයා ඒක ලියද්දිම අදහස් කීපයක් විශ්වාස කනරනවා
(අපි හැමෝම මහන්සි වෙලා දේශපාලනය කරන්න ඕන)
ඒක ඇත්ත එතකොට දේශපාලනය කියන්නේ පවතින තත්වය වෙනස් කිරීමනේ ඒ වෙනස් කරනඑකට හැ‍මෝම යම් සද්භාවයකින් මැදිහත්වෙන්න අවශ්‍යි කියන අදහසත් ඔයාගේ කොමෙන්ට් එකේ තියනවා(ලිපිය විවේචනය කළාට කමන් නෑ, ලියපු අය විවේචනය කළත් කමක් නෑ. ඒවා තේරුමක් ඇතිව කරනව නම් තමයි හොඳ.)
මම ලිපියෙ තැපැල් කතාව පොඩ්ඩක් අමතක කරන්නම් එහෙම නොකලොත් යන්න වෙන්නේ වෙන පාරක
මම කැමතියි ඔයට සහෝදරයා කියලා ආමන්ත%නය කරන්න මොකද මට තේරෙන විදිහට ඔයත් මේ සමාජ ක%මය යම් ආකාරයකට වෙනස්කල යුත=යි කියන සිහිණය දකිනවා
ඉතින් මේ සිහිණය යථාර්ථයක් කරහන්න යන ගොඩාක් අයට ජයරත්නලා, දීප්තිලා.. වගේ අය හමුවුණාම(යන්න දීප්තිගේ ‍facebook account එකට එයා ජයරත්නගේ ලිපිය උස්සලා තියනවා.. ඕනම නම් දීප්තිම ලියන Sa Nath (මරුවා) facebook account එකටත් යන්න එතකොට මෙයාලා කොච්චර දෙබිඩිද කියලා තේරෙයි) සිද්දවෙන්නේ නන්නත්තාර ‍වෙන්නයි. එයාලට සිද්ධ වෙනවා තමන්ගේ සියළුම සිහිණ ඔවුන්ගේ අභිශේකය මත පදනම්කරන්න... එහෙම වුනාම එයාලාට සිද්ධ වෙනවා තමන්ගේ මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න. එහෙම වන්දි ගෙවපු අයගේ ලයිස්ත=වක් හැදුවොත් ඒක බොහොම දිග එකක් වෙයි..
දැන් ජයරත්න තේරැම්ගන්න ඕන දේ තමයි අජිත් අමාරුවේ දැමීමේ එකම මඟ 'ශාස්තෲ' කියවිම මිස මග හැරීම නොවේ කියන ජයරත්නගේ ආර්ටිකල් එකම තමයි taboosubject එකේ ලියලා තියෙන්නෙත් අපි හිතනවා ජයරත්න දේශපාලනයට නැතිනම් අජිත්ට ආදරේට සාධනීය මැදිහත් වීමක් කලා කියලා නෑ ජයරත්න හොද මූණ පෙන්නලා විතරයි... එයාගේ ඇත්ත දේශපාලන මූන වෙන එකක්. ඒක භයානකයි අනිත් අයට මාරාන්තිකයි..

මට මේකට ජීවමාණ උදාහරණ තිබ්බත් දැනට මම නම් දාන්නේ නෑ මොකද මම මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයන්ට ගරැ කරන නිසා..
සහෝදරයා වෙනස් කිරීමට කරන සාධනීයම මැදිහත්වීම තමයි නිදහස වෙනුවෙන් අඛන්ඩව අරගල කරනඑක ඒත් ඒ නිදහස කිසිදු අයුරකින් අනෙකාගේ අයිතීන් සහ නිදහස උල්ලංඝනය නොකල යුත=යි. ඒ වගේම ඒ නිදහස කියන්නෙම තමන්ට නූල් දාලා තමන්ගේ ජීවිතය පාලනය කරන ඩ%කියුලාගෙනුත් නිදහස් වීමයි. ඔයාට පුළූවන්නම් X කණ්ඩායම කැඩිලා ගියගමන් කරපු ලන්ඩන් සගරා 2ක් විතර කියවන්න. ඒකෙන් තේරෙයි සියුම්ව ජයරත්න වචන හරඹ කරලා තියන හැටි.. සියුම්ව තමන්ගේ පුද්ගලික දේශපාලනය ලෑන්ඩ් කරලා තියන හැටි...

සහෝදරයා සානුව සහ taboosubject දෙකක් නොවේ හරියට දීප්තියි මරැවයි දෙන්නෙක් නොවෙයි වගේ.

දුවන්න පුළුවන්නම් හයියෙන් දුවන්න මොකද ඔයා තාමත් එයාලගෙන ජීවිතය ගලවාගන්න ප%මාද නෑ..
ජයරත්න දීප්ති සහෝදර සමා‍ගමට තමන්ව පාවාදෙන්න එපා..
සාණුවෙන් ඇදහැලෙන ඈතලට ලස්්න දියඇල්ල ත=ල චමත්කරය සොය එහි පීනීම මාරක විය හැකියි..
බුදුසරණයි දෙවිපිහිටයි
දමිත් රංගන

කියවන්න ආසමනම් තව ආතල් බ්ලොග් තියනවා
http://malansamarawickrama.wordpress.com/2011/04/22/dkg/#comments

Anonymous said...

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය හෙවත් http://ahasganga.blogspot.com/ කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද කියනවානම් අපේ කොමෙන්ට්ස් දාන්නෙත් නෑ...ඔයාලා ඔක්කොම එකම සෙට් එක නේද?
ඔයාලා ගැන ඔයාලම කොමෙට්දාගන්න එකද ප්‍රජාතන්ත්‍රවාදය...
ආසනික් වලටත් වඩා විෂ වීචිතයට තර්ජනාත්මක මිනිසුන්වෙති.. අපි ඔහුන්ට එරෙහිවෙමු.. තව දුරටත් මිනිස් ජීවිතහා සෙල්ලම් කිරීමට ඉඩ නොදෙමු..
ජයව්වා..

කබ්බි said...

@ දමිත් රංගන,
පිස්සුද හැටිද?

Anonymous said...

හරියට අත්වැරදීම් වෙනවනේ අපි දාපු කොමෙන්ට් මැකිලා ද මකලාද මන්දා
විෂය අනෙකා මතට ප්‍රක්ෂේපණය කල සාරය කැඩපතක් කරගෙන අනන්‍යතාවය ගොඩනගා ගනී. අනෙකා සෙලවෙන විට වෙනස මතුවීම නිසා තර්ජනයට ලක්වන්නේ අනන්‍යතාවයයි.
යැයි අනන්‍යතාවය සහ එත තර්ජනයට ලක්වන ආකාරය පැවසූ ජයරත්න ඔහුගේ අනන්‍යතාවය තර්ජනයට ලක් වූ කොමෙන්ට් මකා දමා ඇත. නමුත් ඔහු කල පව් එමස් සගවිය හැකිද?
අපි නැවතත් එම කොමෙන්ට් පලකිරීමට තීරණය ‍කලෙමු
Anonymous said...
සානුවේදී, ලේඛකයා සහ ආසනික් අතර සබදතාවයක් ගොඩනැගී ඇත.. ජයරත්නගේ ආසනික් දේශපාලනය අහිංසකයන්ගේ ජීවිත තර්ජනයට ලක්කර ඇත
කියවන්න
http://sanuwa.blogspot.com/2010/12/blog-post_03.html

ප්‍රදීප් ජයරත්න ගැන දන්න ඕන එකෙක් දන්නවා එයා කව්ද කියලා. තමන්ටත් වැඩක් නැති තමුන්ගෙනුත් වැඩක් නැති වුන් ඕනතරම් මේ ලෝකයේ ඉන්නවා... හැබැයි එහෙම අය අන්ති අයග් අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරනවා. මෙතන අහිංසක කියන වචනයටනම් මෙයාගේ අස්ධර්බය ත=ල අර්ථයක් තියනවා..
තව දෙයක් මේ වගේ තේරැම්ගන්න බැරි විදිහට ලීවහම ගොඩාක් අයට අර්ථයක් එන්නේ නෑ. එහෙම වුනාම ප්‍රදීප් ජයරත්න සාරයක් බවට පත්වෙනවා.
ගයාන් ඩග්ලස් ප්‍රනාන්දු ඔයාට දෙයියන්ගෙම පිහිටයි
දමිත් රංගන
1:13 PM, June 28, 2011
Sanuwa said...

අද දවල් 1.13 ට දමිත් රංගන කියල නමකින් Anonymous කෙනෙක් වශයෙන් කොමෙන්ටුවක් දාපු MRP මිතුරාට.

අපේ ගෙදර ලියන ලියුමක්, අපේ ගෙදරටම තැපෑලෙන් එවන එකේ තාක්ෂණය මොකක්ද කියලා ඇහුවොත් උත්තරය මොකක්ද? අපි ප්‍රශ්න විසඳගන්න ඕන විදිහ ඒකයි කියලා අපි හිතන්නෙ නෑ. අපි හැමෝම මහන්සි වෙලා දේශපාලනය කළොත් නේද හොඳ? ඔය ලිපිය ලියල තිබුනෙ අජිත් ගෙ පොතට හේතුවක් නැතිව ද්වේශයෙන් taboosubject පහරදීල තිබුණු වෙලාවක. ලිපිය විවේචනය කළාට කමන් නෑ, ලියපු අය විවේචනය කළත් කමක් නෑ. ඒවා තේරුමක් ඇතිව කරනව නම් තමයි හොඳ.

ගයාන් ප්‍රනාන්දු
6:23 PM, June 28, 2011
Anonymous said...

ගයාන් ප%නාන්දු මිත=රගේ අදහස් හොදයි... මොකද ඔයා ඒක ලියද්දිම අදහස් කීපයක් විශ්වාස කනරනවා
(අපි හැමෝම මහන්සි වෙලා දේශපාලනය කරන්න ඕන)
ඒක ඇත්ත එතකොට දේශපාලනය කියන්නේ පවතින තත්වය වෙනස් කිරීමනේ ඒ වෙනස් කරනඑකට හැ‍මෝම යම් සද්භාවයකින් මැදිහත්වෙන්න අවශ්‍යි කියන අදහසත් ඔයාගේ කොමෙන්ට් එකේ තියනවා(ලිපිය විවේචනය කළාට කමන් නෑ, ලියපු අය විවේචනය කළත් කමක් නෑ. ඒවා තේරුමක් ඇතිව කරනව නම් තමයි හොඳ.)
මම ලිපියෙ තැපැල් කතාව පොඩ්ඩක් අමතක කරන්නම් එහෙම නොකලොත් යන්න වෙන්නේ වෙන පාරක
මම කැමතියි ඔයට සහෝදරයා කියලා ආමන්ත%නය කරන්න මොකද මට තේරෙන විදිහට ඔයත් මේ සමාජ ක%මය යම් ආකාරයකට වෙනස්කල යුත=යි කියන සිහිණය දකිනවා
ඉතින් මේ සිහිණය යථාර්ථයක් කරහන්න යන ගොඩාක් අයට ජයරත්නලා, දීප්තිලා.. වගේ අය හමුවුණාම(යන්න දීප්තිගේ facebook account එකට එයා ජයරත්නගේ ලිපිය උස්සලා තියනවා.. ඕනම නම් දීප්තිම ලියන Sa Nath (මරුවා) facebook account එකටත් යන්න එතකොට මෙයාලා කොච්චර දෙබිඩිද කියලා තේරෙයි) සිද්දවෙන්නේ නන්නත්තාර ‍වෙන්නයි. එයාලට සිද්ධ වෙනවා තමන්ගේ සියළුම සිහිණ ඔවුන්ගේ අභිශේකය මත පදනම්කරන්න... එහෙම වුනාම එයාලාට සිද්ධ වෙනවා තමන්ගේ මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න. එහෙම වන්දි ගෙවපු අයගේ ලයිස්ත=වක් හැදුවොත් ඒක බොහොම දිග එකක් වෙයි..
දැන් ජයරත්න තේරැම්ගන්න ඕන දේ තමයි අජිත් අමාරුවේ දැමීමේ එකම මඟ 'ශාස්තෲ' කියවිම මිස මග හැරීම නොවේ කියන ජයරත්නගේ ආර්ටිකල් එකම තමයි taboosubject එකේ ලියලා තියෙන්නෙත් අපි හිතනවා ජයරත්න දේශපාලනයට නැතිනම් අජිත්ට ආදරේට සාධනීය මැදිහත් වීමක් කලා කියලා නෑ ජයරත්න හොද මූණ පෙන්නලා විතරයි... එයාගේ ඇත්ත දේශපාලන මූන වෙන එකක්. ඒක භයානකයි අනිත් අයට මාරාන්තිකයි..

මට මේකට ජීවමාණ උදාහරණ තිබ්බත් දැනට මම නම් දාන්නේ නෑ මොකද මම මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයන්ට ගරැ කරන නිසා..
සහෝදරයා වෙනස් කිරීමට කරන සාධනීයම මැදිහත්වීම තමයි නිදහස වෙනුවෙන් අඛන්ඩව අරගල කරනඑක ඒත් ඒ නිදහස කිසිදු අයුරකින් අනෙකාගේ අයිතීන් සහ නිදහස උල්ලංඝනය නොකල යුත=යි. ඒ වගේම ඒ නිදහස කියන්නෙම තමන්ට නූල් දාලා තමන්ගේ ජීවිතය පාලනය කරන ඩ%කියුලාගෙනුත් නිදහස් වීමයි. ඔයාට පුළූවන්නම් X කණ්ඩායම කැඩිලා ගියගමන් කරපු ලන්ඩන් සගරා 2ක් විතර කියවන්න. ඒකෙන් තේරෙයි සියුම්ව ජයරත්න වචන හරඹ කරලා තියන හැටි.. සියුම්ව තමන්ගේ පුද්ගලික දේශපාලනය ලෑන්ඩ් කරලා තියන හැටි...

සහෝදරයා සානුව සහ taboosubject දෙකක් නොවේ හරියට දීප්තියි මරැවයි දෙන්නෙක් නොවෙයි වගේ.

දුවන්න පුළුවන්නම් හයියෙන් දුවන්න මොකද ඔයා තාමත් එයාලගෙන ජීවිතය ගලවාගන්න ප%මාද නෑ..
ජයරත්න දීප්ති සහෝදර සමා‍ගමට තමන්ව පාවාදෙන්න එපා..
සාණුවෙන් ඇදහැලෙන ඈතලට ලස්්න දියඇල්ල ත=ල චමත්කරය සොය එහි පීනීම මාරක විය හැකියි..
බුදුසරණයි දෙවිපිහිටයි
දමිත් රංගන

කියවන්න ආසමනම් තව ආතල් බ්ලොග් තියනවා
http://malansamarawickrama.wordpress.com/2011/04/22/dkg/#comments

Anonymous said...

අහස් ගගේ ආසනික් තිබුණත් නැතත්....... ලිපියෙන් ජයරත්න නලීන්ව මග අරින්නේ නෑ බොරැ චන්ඩිපාර්ට් දානවා විතරයි. ප%ජාතාන්ත%වාදී ජනතා මණෟඩපය යනුවෙන් තමන්ව හදුන්වාගන්නා අහස් ගග(හෙවත් කොටු පැණ බඩකටපුරා කාගත් එහෙම නැත්නම් සමාජ ව්‍යාපාරයක projector1k rent කරන කල්‍යා..) විවේචනවලට බයයි... නමුත් තියාගන්න ආසනික් වලටත් වඩා භයානක මිනිසුන් වෙති. එයින් එකෙකි ජයරත්න.

සියළු කියමන් කිය වී හමාරය. සියළු ලියවිලි ලිය වී හමාරය. ඉතිරිව ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීම පමණකි.(අහස් ගග)

කී ඔවුන් ඔවුන්ගේ භාවිතය හොදින්ම පෙන්වා ඇත. ඒ ගැන අපි ස්ත+ති වන්ත ‍වෙමු.
හින මිය යමින් පවතින යුගයක් ජීවත්වන අප, පැවති හා පවතින සමාජ සංස්කෘතික අදහස් මාස්ටර් විසින් ගිලගන්නා හැටි ඔබට අනාගතයේ පසක්වේවි එතකොට ඔබ ප%මාදය.

සත්‍ය වශයෙන්ම අපට ඇත්තේ ජයරත්න සමග පුද්ගලික කෝන්තරයක් නොව. ඔහුගේ භාවිත‍ෙය් භයානක කම පිළිබද ප%ශ්ණයකි. මක්නිසාද යත් එවැනි පුද්ගලයින් නිසා සමාජීය අවකාශයන් ඉතාමත් වේගයෙන් එහි අවසානයන් සනිටුවහන්කරගනී... ආදර සබදතාවයන්, මිනිස් සබදතාවයන් ,... සියල්ල නන්නත්තාර වේ..

ඔබගේ ඉදිරි වැඩ පිළිවෙලක් ගැන යම් අදහසක් ජයරත්න සමගින් සාකඡ්චාකරන්න. ඔහු ඒ ගැන ඔබට ඊටත් වඩා හොදට තේරැම්කරන ඇත. ඉන්පසු එම වැඩේට වඩා තවත් හොද වැඩපිළිවෙලවල් කීපයක්ම ඔබට පෙන්වාවි.... නමුත් සැබෑටම ඔබට සිදුවන්නේ ඔබ නොදැනුවත්වම එම වැඩය අතහරින්නටය.
අප අලින් දැමූ කොමෙන්ටි ඔබ සමහරවිට ඉවත් කරන්න ඇත්තේ ඔබලාගේ සහෝදරයෙක්ට එල්ල වූ අභ+ත චෝදනා ලෙස සලකා යැයි විය හැක. නමුත් යථාර්තය දිනක නුඹ පුබුදුවාවි. ආදරණීය සමරේ එදාට අපි හමුවෙමු
දමිත් රංගන

ගයාන් ප්‍රනාන්දු said...

දමිත් රංගන කියල නමකින් කොමෙන්ටුවක් දාපු MRP මිතුරාට.
අපේ ගෙදර ලියන ලියුමක්, අපේ ගෙදරටම තැපෑලෙන් එවන එකේ තාක්ෂණය මොකක්ද කියලා ඇහුවොත් උත්තරය මොකක්ද?
අපි ප්‍රශ්න විසඳගන්න ඕන විදිහ ඒකයි කියලා අපි හිතන්නෙ නෑ.
අපි හැමෝම මහන්සි වෙලා දේශපාලනය කළොත් නේද හොඳ?
ඔය ලිපිය ලියල තිබුනෙ අජිත් ගෙ පොතට හේතුවක් නැතිව ද්වේශයෙන් taboosubject පහරදීල තිබුණු වෙලාවක.
ලිපිය විවේචනය කළාට කමන් නෑ,
ලියපු අය විවේචනය කළත් කමක් නෑ.
ඒවා තේරුමක් ඇතිව කරනව නම් තමයි හොඳ.

දමිත් රංගන(මිණි කැටය) said...

ජයරත්න මහත්තයා සහ හෙන්චයින් මහත්වරැන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් සටහන් කරමින් මා දැමූ එක් Comment1ක් පමනක් දමා ඇත. මේ වනවිට දීප්තිගේ අප facebook අඩවියේ ඔහුගේ නිරැවත දිගහැර ඇත. නමුත් ඔහු තවමත් අපගේ අදහස් ඉදිරිපත්කිරීමට ඉඩදීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදී වී ඇත. නමුත් ජයරත්න නුඹට මා July 15, 2011 දැමූ පහත Comment1ක මකා දමා ඇත. නුඹ සහ නුඹලාගේ(දීපීති ග=දරත්න, සට කොටු ප්‍රජෙක්ටර් වැන්නවුන්ගේ..) අපරාධ ජීවමාණ සාඣෂි සහිතව හෙලිකිරීමට අපි බ්ලොග් අඩවියක් නිර්මාණය කරමින් යන්නෙමු. නුඹලාගේ ගොදුරැබවට අහින්සකයින් අවිඥානිකව හසුවූ යුගයට හැකිතාක් අප තිත තබන්නෙමු.
පහත ඇත්තේ ජයරත්න සහ හෙන්චයියන් මකා දැමූ ඒ Comment1කයි.

ගයාන් ප්‍රනාන්දු මිත=රගේ අදහස් හොදයි... මොකද ඔයා ඒක ලියද්දිම අදහස් කීපයක් විශ්වාස කනරනවා
(අපි හැමෝම මහන්සි වෙලා දේශපාලනය කරන්න ඕන)
ඒක ඇත්ත එතකොට දේශපාලනය කියන්නේ පවතින තත්වය වෙනස් කිරීමනේ ඒ වෙනස් කරනඑකට හැ‍මෝම යම් සද්භාවයකින් මැදිහත්වෙන්න අවශ්‍යි කියන අදහසත් ඔයාගේ කොමෙන්ට් එකේ තියනවා(ලිපිය විවේචනය කළාට කමන් නෑ, ලියපු අය විවේචනය කළත් කමක් නෑ. ඒවා තේරුමක් ඇතිව කරනව නම් තමයි හොඳ.)
මම ලිපියෙ තැපැල් කතාව පොඩ්ඩක් අමතක කරන්නම් එහෙම නොකලොත් යන්න වෙන්නේ වෙන පාරක
මම කැමතියි ඔයට සහෝදරයා කියලා ආමන්ත%නය කරන්න මොකද මට තේරෙන විදිහට ඔයත් මේ සමාජ ක%මය යම් ආකාරයකට වෙනස්කල යුතුයි කියන සිහිණය දකිනවා
ඉතින් මේ සිහිණය යථාර්ථයක් කරහන්න යන ගොඩාක් අයට ජයරත්නලා, දීප්තිලා.. වගේ අය හමුවුණාම(යන්න දීප්තිගේ facebook account එකට එයා ජයරත්නගේ ලිපිය උස්සලා තියනවා.. ඕනම නම් දීප්තිම ලියන Sa Nath (මරුවා) facebook account එකටත් යන්න එතකොට මෙයාලා කොච්චර දෙබිඩිද කියලා තේරෙයි) සිද්දවෙන්නේ නන්නත්තාර ‍වෙන්නයි. එයාලට සිද්ධ වෙනවා තමන්ගේ සියළුම සිහිණ ඔවුන්ගේ අභිශේකය මත පදනම්කරන්න... එහෙම වුනාම එයාලාට සිද්ධ වෙනවා තමන්ගේ මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවන්න. එහෙම වන්දි ගෙවපු අයගේ ලයිස්ත=වක් හැදුවොත් ඒක බොහොම දිග එකක් වෙයි..
දැන් ජයරත්න තේරැම්ගන්න ඕන දේ තමයි අජිත් අමාරුවේ දැමීමේ එකම මඟ 'ශාස්තෲ' කියවිම මිස මග හැරීම නොවේ කියන ජයරත්නගේ ආර්ටිකල් එකම තමයි taboosubject එකේ ලියලා තියෙන්නෙත් අපි හිතනවා ජයරත්න දේශපාලනයට නැතිනම් අජිත්ට ආදරේට සාධනීය මැදිහත් වීමක් කලා කියලා නෑ ජයරත්න හොද මූණ පෙන්නලා විතරයි... එයාගේ ඇත්ත දේශපාලන මූන වෙන එකක්. ඒක භයානකයි අනිත් අයට මාරාන්තිකයි..

මට මේකට ජීවමාණ උදාහරණ තිබ්බත් දැනට මම නම් දාන්නේ නෑ මොකද මම මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයන්ට ගරැ කරන නිසා..
සහෝදරයා වෙනස් කිරීමට කරන සාධනීයම මැදිහත්වීම තමයි නිදහස වෙනුවෙන් අඛන්ඩව අරගල කරනඑක ඒත් ඒ නිදහස කිසිදු අයුරකින් අනෙකාගේ අයිතීන් සහ නිදහස උල්ලංඝනය නොකල යුත=යි. ඒ වගේම ඒ නිදහස කියන්නෙම තමන්ට නූල් දාලා තමන්ගේ ජීවිතය පාලනය කරන ඩ%කියුලාගෙනුත් නිදහස් වීමයි. ඔයාට පුළූවන්නම් X කණ්ඩායම කැඩිලා ගියගමන් කරපු ලන්ඩන් සගරා 2ක් විතර කියවන්න. ඒකෙන් තේරෙයි සියුම්ව ජයරත්න වචන හරඹ කරලා තියන හැටි.. සියුම්ව තමන්ගේ පුද්ගලික දේශපාලනය ලෑන්ඩ් කරලා තියන හැටි...

සහෝදරයා සානුව සහ taboosubject දෙකක් නොවේ හරියට දීප්තියි මරැවයි දෙන්නෙක් නොවෙයි වගේ. හැබැයි taboosubject ට english පුළුවන් ජයරත්නට බෑ taboosubject යනු ජයරත්න ගේ ගොදුරක් බවට පත්වූ ඔහුගේ අනුගාමිකයෙකි. (පසුව නම්ගම් හෙලිකරමු)

දුවන්න පුළුවන්නම් හයියෙන් දුවන්න මොකද ඔයා තාමත් ඔයාලගෙන ජීවිතය ගලවාගන්න ප්‍රමාද නෑ.. එසේ දීවීමට අපෝසත් වුවහොත් ඔබලා සහ ඔබලාට ආදරය කරන වුන් නොදැනුවත්වම ඔබෙන් ඉවත්වේවි. ඔබ මෙලව කෙනෙක්ගේ නූල් වලින් නැටවෙන හුදකලා රෑකඩයක් බවට පත්වේවි.

ජයරත්න දීප්ති සහෝදර සමා‍ගමට තමන්ව පාවාදෙන්න එපා..
සාණුවෙන් ඇදහැලෙන ඈතලට ලස්්න දියඇල්ල තුල චමත්කරය සොය එහි පීනීම මාරක විය හැකියි..
බුදුසරණයි දෙවිපිහිටයි
දමිත් රංගන

කියවන්න ආසමනම් තව ආතල් බ්ලොග් තියනවා
http://malansamarawickrama.wordpress.com/2011/04/22/dkg/#comments

Anonymous said...

ජයරත්නගේ අසාධාරනකම් හමුවේ අහිංසා අසරණ වුවත්, අසාධාරණය දැක දැකත් තවදුරටත් නිහඩව සිටීමේ පලක් නැත. තම පියා ලංකාවට ආවත් තමන් සහ ඔහු අතර දැවැන්ත පවුරක් ගොඩනගා ඇත... ඒ ජයරත්නයි. ජයරත්නගේ තරවටුකම් වෙනුවට එකට එක කීම ඈ තොරාගත්තේ එබැවිණි... නමුත් සිදුවූයේ නොසිතු විරෑ සිදුවීමකි. ජීවිතයේ කිසිම දිනක තම මව හෝ පියා අතක් ඔසවා නැති ඇයට තම මවගේ අනියම් පුරැෂයා ජයරත්නගේ අමාණුශික ප්‍රහාරයට ලක්වීමට සිදුවිය. පොඩිකාලයේ සිටම තම පියාගේ මුවින් පිටවෙන සමාජ අසාධාරණයට එරෙහිවීම ගැන ආඩම්බරව අසාසිටි ඇයට තම මවගේ අනියම් පුරැෂයා ජයරත්නගේ අසාධාරණය ඉවසා සිටීමට සිදුවීම කොතරම් ඛේදණීයද?
ජයරත්න ආදරයේදී අසම්මත ආදරවන්තයෙකි.
ඔහු තෝරාගත් සං..වනී නම් ඇය, ඇයට වඩා වසර ගනනකින් වැඩිමහල්ලෙක් සමග අසම්මත පවුල් දිවියක් ගතකරයි. ජයරත්නට ඇය හා පෙම්සුව විදීමට ලැබෙන්නේ ඇය රාජකාරී නිවාඩුවට ගෙදරට යනවිට කොළඹ නුවර සුපෝපභෝගී බස්රථයේදී පමණි.
මිතු රැ සබදතා තුල ඔහු පිටිපස්සෙන් ගොස් පිහියෙන් අනින්නෙකි. තමා රට ගිය පසු තමන්ගේ පවුලේ අඩුපාඩු සොයා බැලීමට තම දේශපාලන මිතුරා ඔහුට බාරකලවිට ඔහුගේ අඹුව සොරා ගත්තේ එහෙයිණි.
දැන් මිතුරා ගයන්නේ හුණුවටයේ ගීතයයි..
යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා...
x දේශපාලනයට පින්සිදුවන්නට ඔහු ඉගෙන ගත්තේ අරැත් සුන් කාටත් නොතේරෙන වචන තොගයකි. එහි ප්‍රතිඵලයකි මේ ලිපිය. ඔහු වැනිම වැඩකරන තම මිතුරා සමාජා විරෝදී මිතුරා ලවා පහත කොහම්න්ටුව ලියාගත්තේය...
නලින් ව මගඇරල යන එක ලේසියි. නලින්ව හම්බ වෙන එක අමාරුයි. මග හැරීම වෙනුවට මුණ ගැසීම තෝරා ගැනීම ගැන මගේ සතුට. දිගටම ලියන්න. (මොහු ගැන අපි පසුව හෙලිකරමු. )
මේ ඔහුගේ දේශපාලනයේ සහ දිවියේ ඇති නොගැලපීමයි... ඔබ ඔහු හා අවංකවම දේශපාලනය කරන්නෙක්නම්(ඔහු අවංකව කරනවාද නැද්ද යන්න ඔබට තවමත් නොතේරේ) කවදාවත් තම ගෙදරට ඔහුව වැද්ද නොගන්න... තම සහෝදරියන් හෝ සහෝදරයින්ගේ අඹුවන් ඔහුට නොපෙන්වන්න. විශේෂයෙන් තම ආදරවන්තියගේ photo එකක්වත් ඔහුට නොපෙන්වන්න..
සමරේ ඔබටත් දෙවි පිහිටයි
දමිත් රංගන