Monday, October 18, 2010

නරුමවාදය පිළිබඳ සටහන්....

කවියක්... දෙකක්...
දරදඬු වෙන තරමටම
සීතල.....
හිම දිය වෙන
අපූරුව.
වැහැපන් වහින එක
ඇතිවෙන්න
මට
හෙම්බිරිස්සාව උනත්.
බදු අඩු කලේ
මොන්තෙරෝ වල
ත්‍රස්තවාදය
පාං පිටි වල.
- ප්‍රදීප්
(නරුමවාදය - ඔබ කරමින් සිටින්නේ කුමක්ද යනු දැන දැනම, එයට ඔබේ සවිඥානක විරෝධය තිබියදී පවා එහි දිගටම නිරත වීමයි.)


බදු අඩු කලේ
මොන්තෙරෝ වල
ඔව්.....!
පාං කීය උනත්
ත්‍රස්තවාදයට
එරෙහි වෙමු.
ඉතිං......
පාං පිටි උනත්
ත්‍රස්තවාදය
ත්‍රස්තවාදයමයි..! 

- විමල්

2 comments:

Anonymous said...

hithenawa liyannata
KAVIYAK
MATATH.
idadenawada obagen
EYATATH
BINDAK.
ELA KIRI KAVIYAK DEKAK;;;;
saman

Sanuwa said...

Sure...!
sanuwablog@yahoo.com එකට මේල් කරන්න.