Sunday, October 31, 2010

නොඇසූ කන් වලට - අපිළිවෙලට කියැවීම - 02 කොටස






කොට බිත්තියෙන් එපිටට
රැගෙන යමු රධී................

(මේ කියැවීම "උරෙයිප්පු සාප්පාඩ" කෘතියේ 'හිඳිනා රධී' සටහන පිළිබඳවයි)




"හිදිනා රධී......." අවසන ඇති සටහනට අනුව එය ලියා ඇත්තේ 2009 මැයි 22 වනදාය. ලේඩි රිජ්වේ ළමා රෝහලේ දරුවන් සමඟ සිටි හුදෙකලා මව්වරුන් වෙනුවෙනි‍. සමහරවිට මෙතැනදී දරුවන් සමඟ සිටීම යනුවෙන් සන් කරනු ලබන්නේ සැමියන් හෝ අන් කිසිවෙක් නොමැති වීම විය හැකිය. නොඑසේ නම් උතුරින් හෝ නැගෙනහිරින් පැමිණි මව්වරුන්ට බටහිරදී කිසිවෙක් නොමැතිවීම

Thursday, October 21, 2010

මේ කරකැවෙන්නේ බඹර වළල්ලයි

 (මෙම සටහන බඹර වළල්ල චිත්‍රපටය නැඹීමෙන් පසුව කියවන්නේ නම් මැනවි.)

සිනමාව සහ යථාර්තය අතර සම්බන්ධයක් පවතීද, නොපවතීද යන්න, මේ වන විට යල් පැන ගිය ගැටළුවකි. ඒ එය විසඳාගත් නිසාම නොවේ. වෙනත් ගැටළු කරළියේ ප්‍රමුඛත්වය ලබාගත් නිසාම පමණි. කෙසේ වුවත් යථාර්ථය පුතිනිර්මාණය කිරීම යන්නත්, සිනමාව යනු ප්‍රබන්ධයක් යන්නත් එතරම් වෙනසක් නැත. මේ නිසා ප්‍රබන්ධයේ රස විමසා බැලීම විචාරක වෘතයක් ලෙස ගැනීමේ වරදක්ද නැත. ඒ අනුව සිනමා කෘතියේ  තිර පිටපත, රංගනය, දෙබස් හැසිරවීම, කැමරාකරණය, සංගීතය, අංග රචනය ආදී අනේක අංශ පිරික්සා බැලිය හැක. එහෙත් සිනමා කෘතිය සමස්තයක් ලෙස සිනමාත්මකභාවය සිත් ගන්නා සුළු අයුරින් ආරක්ෂා කරගෙන ඇත්නම් එකී අංග විමසීමෙන් තොරවම

Tuesday, October 19, 2010

වාසු මැරූ පර්සි...

මහින්ද, වාසුගේ මිත්‍රත්වය මෙලෙස මරා දැම්මේ මන්ද ?

වාසු මහින්දට හැමදාමත් සලකන ලද්දේ දේශපාලනයේදී මෙන්ම පුද්ගලික ජීවිතයේදීත් මිතුරෙකු ලෙසය. වාසු සමඟ එකඟ නොවන සන්ධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග කොතෙකුත් තිබුනද ඒවා සියල්ලෙහිම අතාර්කික පිළිතුරු, මිත්‍රයා ලෙස වාසුට මහින්දව මගහැර නොයාමට බැරිකම නිසා ඇතිවන්නක් බව

Monday, October 18, 2010

නරුමවාදය පිළිබඳ සටහන්....

කවියක්... දෙකක්...
දරදඬු වෙන තරමටම
සීතල.....
හිම දිය වෙන
අපූරුව.
වැහැපන් වහින එක
ඇතිවෙන්න
මට
හෙම්බිරිස්සාව උනත්.
බදු අඩු කලේ
මොන්තෙරෝ වල
ත්‍රස්තවාදය
පාං පිටි වල.
- ප්‍රදීප්
(නරුමවාදය - ඔබ කරමින් සිටින්නේ කුමක්ද යනු දැන දැනම, එයට ඔබේ සවිඥානක විරෝධය තිබියදී පවා එහි දිගටම නිරත වීමයි.)


බදු අඩු කලේ
මොන්තෙරෝ වල
ඔව්.....!
පාං කීය උනත්
ත්‍රස්තවාදයට
එරෙහි වෙමු.
ඉතිං......
පාං පිටි උනත්
ත්‍රස්තවාදය
ත්‍රස්තවාදයමයි..! 

- විමල්

Friday, October 8, 2010

දෙමළ මළගෙදර අඬන සිංහල කුමාරී

(උරෙයිප්පු සාප්පාඩ පොත ගැන අවසන් සටහන)

තම ජීවිතයෙන් ප්‍රයෝජනවත් යමක් කරන්න ඇය වෙහෙසෙයි. දුප්පත් දෙමළුන්ගේත්, දුප්පත් මුස්ලිම් මිනිසුන්ගේත් සිංහල නියෝජිත වරියක ලෙස හා සමාජීය ක්‍රියාකාරණියක ලෙස ඇය මා සමග පැවසූ බොහෝ දේ සමග වාද කළ අවස්ථා තිබුනි. ඇගේ සමාජීය දේශපාලන මතවාද  මගේ මතවාද සමග සමපාත වූවේ නැත. මා කිසිවක් හරි‍ යන්නේ නැති බව

Wednesday, October 6, 2010

'නොඇසූ කන් වලට'
අපිළිවෙලට කියවීම...... (01 කොටස)


මාතෘකාවේ සඳහන් වන 'වල' යනු කැලයයි. එක්කෝ මෙය මුද්‍රණ දෝෂයකි නැත්නම් කුමාරිට උවමනා මාතෘකාවම ය. මා සිතන ආකාරයට මෙය කුමාරිගේ මාතෘකාවම විය යුතුය.

වල් වැදී කැළැවන් බවට පත් වූ කන් වලට කුමාරි යමක් කියන්නට උත්සාහ කර තිබේ. එහෙත් එය කෙතරම් අසීරු කාර්යයක් ද යන්න, මාතෘකාවෙන්ම