Wednesday, November 9, 2011

තරහ පිරුණු මිතුරන්ට

එකතැන කරකැවෙන සිතුවිලි....
දියසුළි.
එතැනම ගැඹුරට රැගෙන යන දියරැළි....
නොමනිමි
තම තමන් තුළම වූ පටලැලි....
කෙහෙරැළි
සරකරනවා ඇතුලේම අඳුරැති....
පතුල නැති

ගැලවෙන්නට දඟලති
තව තවත් පැටලෙති
සුළි කරකැවෙති
උඩ යති යට යති
නොපෙනීම යති
යළි යළිත් මතුවෙති....

කරකැවෙන සුළිය
ඕජස් ගලන සිතුවිලි සූපය
දවන හද මඬල....
නිවුනු සිත් තුළ
දල්වයි
පහන් සංවේගය....

ගැලවීමට දැඟලීමමය ඇලවීම
අත්හල හැකිද "ගැලවීමට දැඟලීම"
එකෙණෙහිම ස‍න්සුන් 
නිසසලයි හද මල්
ගැඹුරු දිය මතුපිටින්
හමා යයි සීතල පවන්.
නිවන්.......

ප්‍රදීප් ජයරත්න



Tuesday, November 1, 2011

ස්ලැවෝයි ජිජැක් Wall Street ජනතාව අමතයි!


පරිවර්තනය - ලක්ප‍්‍රිය නානායක්කාර.

අපි හැමෝම පරාජිතයෝය. නමුත් හැබෑ පරාජිතයෝ ඉන්නෙ වෝල් ස්ටී‍්‍රට්වල. අපේ සල්ලි බිලියන ගණනක් ඇප දුන්නම එගොල්ලන්ගේ පණ බේරුනා සමාජවාදීන් කියලා අපව නම් කරනව. නමුත් මෙහේ හැමවිටම තියෙන්නෙ පොහොසතුන්ගේ සමාජවාදයමයි. ඒ අය කියනවා අපි පෞද්ගලික දේපල වලට ගරු කරන්නේ නැතිලූ ඒත් මෙතන ඉන්න අපි හැමෝම එකතුවෙලා ?දවල් නැතිව සති ගණන් උත්සාහ කළත් විනාශ කරගන්න බැරි තරම් වන දුක් මන්සියෙන් ඉපැයුව පෞද්ගලික දේපල මහ කන්දරාවක් 2008 වර්ෂයේ මූල්‍ය වෙළෙඳපොල කඩාවැටීමේ දී විනාශ කරනු ලැබුව. ඒ අය ඔබලාට කියනවා අපි හීනකාරයෝලූ. හැබැයි ඇත්තටම පේනකාරයෝ වෙන්නෙ ඒ අයමයි. මේ පවතින දේවල් සදාකාලිකම මේ විදිහට ඉදිරියට යාවි කියලා හිතන් ඉන්න අයයි. අපි නිදිවැදිලා හීන දකින්නො නොවෙයි. මහ නපුරු හීනයක් බවට පෙරලෙන මේ හීන ලෝකෙන් අවදිවෙන පිබිදීම’ තමයි අපි.


අපි මොනවත් විනාශ කරන්නේ නෑ. මේ ක‍්‍රමය විසින් තමන්වම විනාශ කරගන්න ආකාරය ගැන සාක්කිකාරයො තමයි අපි. ඔබලට මතක නම් කාටුන් චිත‍්‍රපටවල එන කාටත් පුරුදු දර්ශන පෙල. හැල්මෙ දුවගෙන එන පූසා මහ පාතාලයක කඩ ඉමටත් ඇවිල්ලඊටත් එහා වා තලයේ ගමන් කරනවා. තම දෙපා යටින් හිස් අවකාශය මිස වෙන කිසිත් නොමැති බව නොදැක්කා වගේ. ඒත් එක්කම ඌ පහත බලනවා. තමන් ඉන්න තැන අවබෝධ වෙනවා. එතකොටම ඌ පහළට වැටෙනවාඅන්න ඒ දෙයම තමයි අපි මෙතනදී කරන්නේ. අපි කියනවා අපේ Wall Street ඇත්තන්ට, ‘‘යාළුවාපහත බලන්න !’’.

2011 අපේ‍්‍රල් මැදචීන රජය කාල තීරණය ^Time travelනැත්නම් විකල්ප යථාර්ථය ^Alternate reality& අලළා ගෙතුනු කතා පුවත් රැගත් චිත‍්‍රපට,නවකතාරූපවාහිනි වැඩසටහන් සියල්ල තහනම් කළා. මේක චීනය පිළිබඳ සුබ ලකුණක්. මේ ජනතාව විකල්පයන් පිළිබඳව තවමත් සිහින දකිනවා. ඒ නිසාම මේ සිහින දැකීම තහනම් කරන්න සිදුවී තිබෙනවා. මෙහේදීඅපට තහනමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි ද කිව්වොත් මේ පාලන ක‍්‍රමය විසින් සිහින දැකීමට අප සතු හැකියාව පවා දැන් යටපත් කරල. මේ කාලයේ අප නිතර බලන චිත‍්‍රපට ගැන හිතන්න. ලෝක අවසානය ගැන පවා සිතින් මවාගැනීම ඉතා පහසුවෙලා තියෙනවා. ඔය උල්කාපාතයක් ඇවිත් ලෝකයේ සියලූ ජීවය විනාශ කර දමනව වගේ. ඒත් ධනවාදයේ අවසානයක් ගැන උපකල්පනය කරගන්න බැහැ.

එහෙනම්මොකද්ද අපි මෙතන ඉඳගෙන කරන්නේඒ ගැන කියන්න හොඳ හාස්‍යජනක කතාවක් තියෙනවා. මං කියන්නම් පැරණි කොමියුනිස්ට් කාලේ විහිළු කතාවක්. ඔන්නනැගෙනහිර ජර්මනියෙ ක‍්‍රියාධරයෙක්ව යවනව යම් කාර්යයක් සඳහා සයිබීරීයාවට ඔහු දන්නවා දැන් ඔහුගේ හැම ලියුමක්ම කඩල කියවල බලනව කියලා. ඔහු කියනව ඔහුගේ මිත‍්‍රයන්ට ‘‘අපි රහස් සටහන් ක‍්‍රමයක් තියාගනිමු. මගෙන් ඔබට ලැබෙන ලියුමක් නිල්පාට තීන්තෙන් ලියලා තියෙනවා නම්,ඒ කියන්නේ මං ලියලා තියෙන දේ සියල්ල ඇත්තයි. ලියුම ලියලා තියෙන්නේ රතුපාට තීන්තෙන් නම්ඒ තොරතුරු අසත්‍යයි.’’ ඔන්න මාසයකට පස්සේමිත‍්‍රයන්ට ඔහුගේ පළමු ලිපිය ලැබෙනවා. නිල්පාටින් ලියලා තියෙන්නෙ. ඒකේ කියනවා, ‘‘මම මෙහේ හොඳ අපූරුවට ඉන්නවා. හැමතැනමත් එහෙමයි. කඩවල්වල ඇති පදමට හොඳ කෑම තියෙනව. සිනමාහල්වල හොඳ බටහිර චිත‍්‍රපට බලන්න පුළුවන්. තට්ටු නිවාස හොඳ සැප පහසුකම් සහිත විශාල ඒවා. මෙහෙ මිලදී ගැනීමට බැරි එකම දේ තමයි රතු තීන්ත.’’ ඔන්න ඔහොම තමයි අපි ජීවත්වෙන්නෙත්. අපට අවශ්‍ය හැම නිදහසක්ම අපට තියෙනව. අපට අහේනියකට තියෙන්නේ රතු තීන්ත විතරයි. අපේ නිදහසක් නොමැතිකම,කියාගන්න භාෂාවක් නොමැතිකම. නිදහස පිළිබඳ කතාකරන්න අපට උගන්වලා තියෙන ආකාරය - ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වගේනිදහස අනර්ථයක් බවට පත්කරනව. අන්න ඒ ගැන තමයි අපේ ක‍්‍රියාකාරීත්වය. ඔබ අපිට රතු තීන්ත සපයනව.

මෙතන අනතුරක් තියෙනවා. ඔබඔබත් එක්ක ආදරෙන් වෙලෙන්න හදන්න එපා. අපි මෙතන විනෝදයෙන් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා,සැණකෙළි කියන්නේ ලාභ විනෝදාස්වාදය. වඩා වැදගත් වෙන්නෙ අපේ සාමාන්‍ය ජීවිතයට ආපහු ගියාමහෙට දවසෙ සිදුවන දේ. එතැන මොනයම් හෝ වෙනසක් තියේවිද? ‘‘අපේ තරුණ අවධියේ දී.... ඒ දවස් මොනතරම් සුන්දර ද කියන්නා වාගේඔබ මේ දවස අනුස්මරණය කිරීම නොවෙයි මගේ උවමනාව. මතක තියාගන්න අපේ මූලික පණිවුඩය, ‘‘විකල්ප ගැන හිතන්න අපට අවසර තියනවා’’. යම් හෙයකින් මේ නීතිය බිඳෙනවා නම්එසේ අප වෙසෙන ලෝකය වඩාත්ම හොඳ ලෝකය නම් නොවේ. කොහොමටත්අප ඉදිරියේ දිගු ගමන් මගක් තියෙනවා. එහිදි සත්‍යවශයෙන්ම දුෂ්කර ප‍්‍රශ්න අපට අභිමුඛ වෙනවා. අපි දන්නවා අපට  ඕනෑ නැති දේ. නමුත්අපට  ඕනෙ මොනවාදධනවාදයේ තැන පිරවිය හැකි සමාජ සංවිධානය කුමක්දමොන වගේ නව නායකයින්ද අපට  ඕනෑ?.

යළි සිහියට ගන්නගැටලූව දූෂණවංචා හෝ කෑදරකම හෝ නොවෙයි. ගැටලූව තමයි ක‍්‍රමය. දුෂිත වෙන්න එය ඔබට බලකරනවා. සතුරන් ගැන විතරක් නොවෙයි. අපේ මේ ක‍්‍රියා පිළිවෙත දිය කරල දාන්න දැනටමත් කටයුතු කරමින් ඉන්න මිතුරන් ගැනත් පරෙස්සම්වෙන්න. කැෆේන් ^caffeine&නොමැති කෝපි වගේමධ්‍යසාරය නැතිව බියර් දෙනවා වගේමේදය නැති අයිස්ක‍්‍රීම් හදල දෙනවා වගේඔවුන් මේකත් කිසි හානියක් නොවන සදාචාරමය විරෝධයක් පමණක් බවට පත්කරන්න උත්සාහ දරයි. විශුද්ධිකරණය කරන ලද ක‍්‍රියාදාමයක්. නමුත් අපි අද මෙතන ඉන්නේ කොකාකෝලා බින් කෑන් ප‍්‍රතිචක‍්‍රීකරණය කරමින්පින් අතේ වැඩ වලට ඩොලර් කිහිපයක් දන් දෙමින්නැතිනම් ස්ටාර් බක්ස් කැපචීනෝ ^Starbucks Cappuccino කෝප්පයක් මිලදී ගත්තම ඉන් 1% ක මුදලක් තුන්වන ලෝකයේ සාගින්නට පත්වූ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග වන නිසා එයින් හිත සනසා ගනිමින් ඉන්න පුළුවන් වන ලෝකයක් දැන් අපට හොඳටම ඇති වෙලා තියෙන නිසා. අපේ රැකියා ඒත් සමගම වධහිංසා පිටට දුන්නට පස්සේ,දැන් අපේ මංගල සේවා ඒජන්සි දැන් අපේ ආදර ජීවිතයත් පිටට දීලා තියෙනවා. දැන් අපිට පේනවාදිගු කාලෙක ඉඳලාඅපි අපේ දේශපාලනික සහභාගිකමත් පිටට දෙන්න ඉඩහැරලා තියෙනවා. දැන් අපිට ඒක ආපහු  ඕනෑ.

සමාජවාදය කියන්නේ1990 දී බිඳවැටුණ ක‍්‍රමය  නම් අපි සමාජවාදියො නොවෙයි. අමතක කරන්න එපා ඒ සමාජවාදියො තමයි අද දවසේ වඩාත්ම කාර්යශුරවඩාත්ම දරුණු ධනවාදියො වෙලා ඉන්නේ. අද චීනය තුලඔබේ ඔය ඇමරිකානු ධනවාදයට වඩා සුගම ධනවාදයක් අපට අත්දකින්න ලැබෙනවා. ඔය කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නැති. එහි තේරුමඔබ ධනවාදය විවේචනය කරද්දිඑමගින් ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධය යන නියමයට අහුවෙන්න ඉඩ තියන්න එපා. ධනවාදයයිප‍්‍රජාතන්ත‍්‍රවාදයයි අතර විවාහය දැන් අහෝසියි. වෙනස්වීම දැන් කළ හැකියි.

අද අපි කළ හැකියි කියල දකින්නේ මොකද්දඅපි සරලව ජනමාධ්‍ය ඇසුරු කරල බලමු. එක අතකින් බලපුවහමදැන් තාක්ෂණයේ හා ලිංගිකත්වයේ තත්ත්වය බැලූවොත්  ඕනෑම දෙයක් සිද්ද කරන්න පුළුවන් වගෙයි. දැන් හඳට යන්න ඔබට පුළුවන්කම තියෙනවා. ජාන තාක්ෂණයේ පිහිටෙන් අමරණීය වෙන්න ඔබට පුළුවන්. සතුන් සමග ලිංගිකව හැසිරෙන්නත් පුළුවන්. අමතරව තව බොහෝ දේ. නමුත් බලන්න සමාජයීය හා ආර්ථික කේෂ්ත‍්‍ර දිහා. එහිදී,බොහෝවිට කිසිවක් කළ නොහැකි බවයි කියැවෙන්නේ. ඔබට අවශ්‍යයයි ධනවතුන් සඳහා වන බදු පරිමාව ඉතා සුළු අගයකින් ඉහළ දමන්න ඒත් ඔවුන් කියනවා. එය කිසිසේත්ම කළ නොහැකියි. එහෙම වුනොත් අපේ තරකාරිත්වය බිඳෙනවා. ඔබට අවශ්‍යයයි සෞඛ්‍යය අංශය සඳහා වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් යොදවන්න. එතකොට ඔවුන් කියනවාකොහොමටත් බැහැ. ඒ කියන්නේ මේක රාජ්‍ය ඒකාධිකාරයක් බවට පත්කිරීම. ලෝකයේ මොකද්දෝ වැරුද්දක් තියෙනවා. නොමැරී ඉන්න පුළුවන් වුනත් සෞඛ්‍ය සේවා සඳහා පොඩි මුදලක් වැඩිකරන්න හැකියාව නැහැ. සමහරවිට අපි අපේ ප‍්‍රමුඛතා හරිහැටි පෙළගස්වගෙන නැහැ වගෙයි. අපට අවශ්‍ය නෑ වඩා උසස් ජීවන තත්ත්වයක්. අප  ඕනෑ වඩා හොඳ ජීවන තත්ත්වයක්. අප සමාජවාදියෝ නම්ඒ අපි ලෝකයේ පොදු සම්පත් රැකගැනීමට උනන්දු වන නිසා. සොබාදහමේ කාටත් පොදු අයිතිය සඳහා බුද්ධිමය දේපළ අයිතිය මගින් පෞද්ගලීකරණය කරන ලද පොදු සම්පත්. ජාන තාක්‍ෂණයට නතු කරගනු ලබන පොදු දේපොළ. මේ වෙනුවෙන්මේ සඳහාම පමණක්අප අරගල කළ යුතුයි.


සමාජවාදය නිත්‍ය ලෙසම අසාර්ථක වුනා. පොදු සම්පත පිළිබඳ ගැටලූව මෙන්න දැන් මතුවෙලා. ඔවුන් කියනවා ඔබටඅපි ඇමරිකානුවො නොවෙයි,මෙතන ඉන්නකොට. නමුත් තමන් ඇමරිකානුවන් බව කියා පාන ඔය ආරක්‍ෂකවාදීන්ටමූලධර්මවාදීන්ට මතක් කරල දෙන්න යමක් තියෙනවා. ක‍්‍රිස්තියානිය කියන්නේ මොකද්දඒ තමයි ශුද්ධාත්මයාණෝ. ශුද්ධාත්මයාණෝ කියන්නේ එකිනෙකා වෙත ඇති පේ‍්‍රමයේ බැඳීමෙන් සමානාත්මතාවයෙන් යුතුව හැසිරෙන හා එසේ කිරීම සඳහාම තම නිදහස හා වගකීම ඇත්තාවු විශ්වාසකයින්ගේ සංඝයක්. මේ අර්ථයෙන්,ශුද්ධාත්මයාණන් මේ දැන් අප අතර. එහෙම නම්අතන වෝල් ස්ටී‍්‍රට්’ එකේ ඉන්නේ බොරු දෙවිවරුන්ට වන්දනාමාන කරන මිත්‍යා දෘෂ්ඨිකයින් පිරිසක්. ඒ නිසාදැන් අපට අවශ්‍යව ඇත්තේ ඉවසීමයි. මට බියගෙන දෙන එකම කාරණයඅපි කිසියම් දවසක මේ වැඬේ දාලා ගෙදර යයිගිහින් ආපහු වසරකට සැරයක් මුණගැහිලාබියර් බොමින්අතීතාවර්ජනය කරමින් ‘‘ඒ දවස්වල  අපි මෙතැන කොච්චර හොඳ කාලයක් ගත කළාද?’’ කියමින් මේ අවස්ථාව ස්මරණය කරන්න යෙදෙයිද කියන එක. ඒ කාරණාව එසේ සිද්ධ නොවන බවට ඔබට පොරොන්දු කරගන්න. අපි දන්නවා ජනතාව බොහෝවිට ආශාකරන දේ ලබාගන්න ඇත්තටම උවමනාව නෑ. ඔබ ප‍්‍රාර්ථනා කරන දේ හැබෑවටම උවමනා කරන්න බිය වෙන්න එපා. ඔබට බොහොම ස්තූතියි.

2011/10/09 වන දින Occupy Wall Street උද්ඝෝෂණයේදී ස්ලෝවේනියානු දාර්ශනික ස්ලැවෝයි ජිජැක් උද්ඝෝෂකයින් අතරට පැමිණ කළ කතාවේ සිංහල පරිවර්තනය.

http://youtu.be/cylsD-MMEbM

උපුටාගැනීම 'රාවය' පුවත්පත 2011/10/30

Wednesday, October 5, 2011

කලබල, කරදර අතර හිරිහැර



(නිමිත්ත, මල්ලීගේ බිරිඳ වස බී ඇත.)


කුඩු හැලෙන්නට කීරි ගැහෙනවා
හදවත
පුපුරන්නට විදුලි කොටනවා
හිස මත
දෙවියන් ට නෑසුනත් මෙ’පුවත
දෙවියන් ව නැගෙනවා සිහියට


චප්ප කොට දැමියැකි
කේන්තිය
කා එක්කදැයි නොදන්නා
තරමට...
හැම තැනම විහිදිලා
ප‍්‍රමාදය
කිසිත් සිදුනොවන
තරමට...


තියුණු උල් ඇති වැහි බිඳු
මඳනල රැගෙන එන ගිණි දළු
බළල් නිය මෙන් නැගෙන සිතුවිලි
අපූරුයි; එකිනෙක පටලැවී
ගත පහුරුගානයුරු


වෑහෙනවා රුධිරය
පීනනවා හිමීට
කොහේදැයි නොදැන.




ප්‍රදීප් ජයරත්න.
2011/10/02

Monday, October 3, 2011

ස්ත‍්‍රියට ඇති අභියෝගය, සිතීමේ පිරිමි පරිකල්පනයෙන් ගැලවීමයි.

ප‍්‍රබල ස්ත‍්‍රීවාදී ක‍්‍රියාකාරිණියක් වුනු පද්මිනී පල්ලියගුරු වරක් ප‍්‍රකාශ කළා, ''කාන්තාව" කියන වචනය භාවිතා නොකළ යුතුයි කියලා. "කාන්තාව'' කියන වචනයේ තියෙනවා පංතිමය ඇඟවීමක්. ඒක ඉහල මධ්‍යම පාංතික වචනයක්. මේක අපිට එදිනෙදා ජීවිතයේ අවස්ථාවක් විදිහට දුම්රියක් තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්. පළමුවන පංතියේ දුම්රිය මැදිරිවල තිබෙන වැසිකිළි දොරටුවෙ ලියලා තියෙන්නෙ  "කාන්තාවන්ට පමණයි" කියලා. නමුත් තුන්වන පංතියෙ මැදිරිවල වැසිකිළි දොරටුවෙ ලියලා තියෙන්නෙ "ස්ත‍්‍රීන්ට පමණයි" කියලා. ඒක එහෙම වෙන්නෙ මේ වචනයේ තියෙන පංතිමය ඇඟවීම නිසා. අපි මේ මට්ටමේ ඉඳලම මේ ගැන සාකච්ජා කරන්න  ඕන. 

"ස්වාමි පුරුෂයා" කියන වචනයේ තේරුම ස්ත‍්‍රිය හිමි පුරුෂයා කියන එක. මේකෙ මුල් ස්වරූපය වෙන්නෙ, වහලා/වහල් හිමියා නැත්නම් වහලා/ ස්වාමියා අතර සම්බන්ධ ය. මෙතැනදීත් ස්ත‍්‍රිය "වහලා" ගේ තැන තමයි ස්ථාන ගත වෙන්නෙ. නමුත් අපි  භාෂාව ඇතුළෙ ගැලවෙන්න බැරි විදිහට හිරවෙලයි ඉන්නෙ. ඉතිං අපිට මේක ස්වාභාවිකයි. ප‍්‍රශ්න නොකර බාර ගන්නවා. කිසි ලෙසකින් සමාජමය ගොඩනැංවීමක් විදිහට තේරුම් ගන්නෙ නෑ. මේ නිසා ස්ත‍්‍රීන්ට එරෙහි  ප‍්‍රචන්ඩත්වයේ ගැඹුරු ව්‍යුහයන් (deep structures)  තේරුම් ගැනීම වැදගත්. 

සහකරුවා/සහකාරිය; මේ වචන අපිට නුහුරුයි. අපි හිතනවා අපිට දුරස්ථයි කියලා. නමුත් ස්ත‍්‍රිය ඇතුළු වෙලා ඉන්න පීඩක ව්‍යුහවලින් සැබෑ ලෙසම මිදීමට අවශ්‍ය නම් පවතින සම්ප‍්‍රදායට එරෙහි විය යුතුයි.  එවිට ඇයට ස්ථාන ගත විය හැකි තැන් ගොඩක් නෑ. වරක් චේ ගවේරා කිව්වා " විප්ලවවාදියෙකුට ඉන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නෙ. එකක් අරගල භූමිය, අනෙක පොළව යට" කියලා. ස්ත‍්‍රීවාදී ක‍්‍රියාකාරිණියක් කියන්නෙත් මේ අර්ථයම ඇති විප්ලවවාදී ක‍්‍රියාකාරිණියක්.

විමුක්තිය තියෙන්නෙ අරගලය තුළමයි. ඒක ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන්, නව නීති සම්පාදනය කිරීමෙන් හෝ මානව අයිතිවාසිකම් පිහිටුවීමෙන් ලැබෙන්නෙ නැහැ. මේක මොනතරම් බරපතලද කිව්වොත්, අපිට සමාජවාදය පිහිටුවන්න පුළුවන් වුවත්, එමඟින්ම ස්ත‍්‍රියට විමුක්තිය උදාවන්නේ නැහැ. මාක්ස්වාදයට අනුව, ශ‍්‍රමයට, ශ‍්‍රමිකයාට නැත්නම් කම්කරුවාට අරගලය තුළ විමුක්තිය උදාවන විට, ඒ සමඟම ධනපතියාටත් විමුක්තිය ලැබෙනවා. මොකද පීඩිතයා හා පීඩකයා කියන දෙදෙනාම මේ ක‍්‍රමය තුළ සිරකරුවන් නිසා. ඒ වගේම ස්ත‍්‍රී විමුක්තිය උදාවීම කියන එකේ තේරුම පිරිමියාටත් විමුක්තිය ලැබෙනවයි කියන එක. නමුත් විමුක්තිය උදාවනවාට සියළු දෙනාම නෛසර්ගිකවම වගේ විරුද්ධයි. බයයි. මේ සඳහා ෆාවුලෝ ෆෙයරි ගේ "පීඩිතයාගේ ශික්ෂණය" පොතත්, කාල් යුංගේ ගේ "නිදහසට ඇති බිය" පොතත් කියවීම වැදගත්. 

අපි තේරුම් ගත යුතුයි, වෙනස් කිරීමට අපහසුම දේ ‘‘මනුෂ්‍ය සබඳතා’’ කියන එක. ඒක ඉතාම සංකීර්ණයි. බොහෝ ස්ත‍්‍රී ව්‍යාපාර, පුරුෂ ව්‍යාපාර වල කෑලි. එක සීමාවකින් එහාට යන්නෙ නෑ. අභියෝගය වෙන්නෙ, ‘‘පිරිමි ලෝකයේ පරිකල්පනයෙන් බැහැරව’’ ස්ත‍්‍රිය ස්වායත්තව හිතන්නෙ’’ කොහොමද කියන එකයි.

පිරිමි ලෝකයේ සිතීමේ රාමුව, ස්ත‍්‍රී ශරීරය හා සම්බන්ධ ආකල්ප වලින් වටහාගන්න පුළුවන්. ඉස්ලාමීය සංස්කෘතියේ සිට බටහිර ලිබරල් සංස්කෘතිය දක්වා, ස්ත‍්‍රියගේ ශරීරය ආවරණය වීමේ හා නිරාවරණය විමේ ප‍්‍රමාණය, අදාල එක් එක් සමාජයන් තුළ ස්ත‍්‍රිය ගැන පිරිමි සිතීමේ රාමුවට සාපේක්ෂයි. බටහිර රටක ස්තී‍්‍ර ශරීරය වඩ වඩාත් නිරාවරණය වීම ඉවසනවා. ඒකට හේතුව, බටහිර පිරිමියා තම අනන්‍යතාවය පිහිටුවාගන්නෙ ස්ත‍්‍රිය මත බලයක් යෙදවීමෙන් නොවෙයි. ඒ වෙනුවට සිනමාව, පරිසරය ආදී විවිධ ක්‍ෂේත‍්‍ර තිබෙනවා. නමුත් තවමත් ආසියාතික පිරිමියා තම පැවැත්ම තහවුරු කරන්නෙ ස්ත‍්‍රිය මතින්. මෙතනදී ලංකාව තලේබාන්වරුන්ට වඩාත් සමීපයි. ලාංකීය පිරිමියා ස්ත‍්‍රී ශරීරයට ඉතාම තදින් බයයි. එය ඔහුව ඉතාම තදින් ත‍්‍රස්තයට පත් කරන දෙයයි. එම නිසා අනේක විධ සීමාවන් ස්ත‍්‍රී ශරීරය මත පටවනවා. ප‍්‍රධානතම දේ ශරීරය හැකිතාක් ආවරණය කරවීම. මේ නිසා තරමක් ශරීරය නිරාවරාණය කරගත් ස්ත‍්‍රියව තදින් ගැරහීමට ලක් කරනවා. ඒ වගේම තමයි, පිරිමියෙක් ස්ත‍්‍රී ශරීරයක් ගණනට නොගෙන  නොසලකා හැරියොත් ඒ ගැහැණියත් මහා වියවුලකට ලක් වෙනවා. ඒ ගැහැණියට සිතා ගත නොහැකි වෙනවා කාරණය මොකක්ද කියලා. මේ තත්ත්වය ගැන අපි ගැඹුරු අවබෝධයක් ලබා ගන්න  ඕන. පිරිමි පරිකල්පනයෙන් පිටතට යාමට පිරිමියාගේ පමණක් නොව ගැහැණියගේත් තියෙන්නෙ විශාල විරෝධයක්. 

අපි ප‍්‍රායෝගික උදාහරණයකට යමු. උදේ වැඩට ගිය සහකරුවා, වැඩ ඇරිලා සවස් කාලයේ ගෙදරට ආවම, තම සහකාරිය අතින් තේ එකක් හදාගෙන බිව්වම සියළු දෝෂ, ඉවරයි කියනවා. සමහරවිට සහකාරියත් රක්ෂාවට යන කෙනෙක්. එහෙම නැති වුනත් උදේ ඉඳන් ? වෙනකම්ම් දහසකුත් එකක් වැඩ කරන කෙනෙක්. නමුත් ඒ වැඩ කිරීම පිරිමි වැඩ කිරීම හමුවේ දෙවෙනියි, ග‍්‍රාම්‍යයි. එම නිසයි සහකරුවාට තේ එකකුත් හදලා දෙන්න වෙලා තියෙන්නෙ. අපි තේරුම් ගන්න  ඕන මෙතන තියෙන උවමනාව තේ එකක් බීමම නොවෙයි කියලා. එනම් සහකාරිය තමන්ට අවනතද නැද්ද කියන එක පරික්ෂා කිරීම හා එය තහවුරු කර ගැනීමයි. එමඟින් ඔහු තම රැකියා ස්ථානයේ හෝ අන් තැනක ඉහළ අධිකාරියෙන් විඳින පීඩාවන්, ස්ත‍්‍රිය හමුවේ පීඩක ආස්ථානයක් ගැනීමෙන් මුදා හරිනවා. ස්තී‍්‍ර පීඩනය උපදින මේ ආකෘතීන් හඳුනාගෙන, ඒවාට ප‍්‍රායෝගිකව අභියෝග කිරීම අවශ්‍යයි.  ඕනෑම දෘෂ්ටිවාදයක් මෙවැනි ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් තුළ සැඟවිලා තියෙනවා. 

මේ නිසා අපි ස්ත‍්‍රී විමුක්ති කතිකාවතක් ගොඩනැගිය යුතුයි. ඒක නිශ්චිතවම සිංහල-බෞද්ධ ජාතික චින්තනයට එරෙහි එකක්. විශේෂයෙන්ම, අද තියෙන පන්සල්, ජනප‍්‍රිය බණ කියන හාමුදුරුවරු ස්ත‍්‍රියගේ විමුක්තිය පැත්තට දාලා ඇයව තව තවත් සිරකරමින් ඉන්නවා. නිර්මාණාත්මකව, තමන්ට ස්වාධීනව වැඩක් කරගන්න තියෙන කාලෙ, පන්සල් ඇතුළෙ, භාවනා මධ්‍යස්ථානවල රස්තියාදු වෙවී නාස්ති කරගන්නවා. අනෙක් අතට විධිමත් රැකියා ස්ථානවල ස්ත‍්‍රීන් විවේකයක් නැතිව අසීමිතව වැඩ කරනවා. එහෙම නොවන තැන්වල ස්ත‍්‍රීන් නිකම්ම නිකං කැරකෙමින් තමන්ගෙ කාලය විනාශ කර ගෙන කාලකන්නි වෙනවා. මේ සියල්ල සාකච්ඡාවට බඳුන් කරන, ස්ත‍්‍රියට පිරිමි පරිකල්පන ලෝකයෙන් මිදීමට හැකියාව සලසන ස්ත‍්‍රී විමුක්ති කතිකාවක අවශ්‍යතාව මේ යුගයේ තියෙන අනිවාර්ය මනුෂ්‍ය අවශ්‍යතාවයක්. 











නිර්මාල් රංජිත් දේවසිරි
         


නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද  
කාන්තා හිංසනය පිළිගනිමු ද?
                         පිටු දකිමු ද?  
යනුවෙන් 2011/08/08 වන දින කොළඹ මහජන පුස්තකාල ශුවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයේදී නිර්මාල් විසින්  ඉදිරිපත් කරන ලද අදහස් වලින් සකස් කරන ලදී.


Sunday, October 2, 2011

කිවුවද නහී - නොකිවුවද නහී

කිවුවද නහී - නොකිවුවද නහී යනු 'චිත‍්‍රපටයක' නමකි. එය චිත‍්‍රපටයක් ලෙස හඳුන්වන්නේ; චලන රූප ගොඩක්, සෙලෝලයිට් පටිවල සටහන් කරගෙන ඇති නිසාත්, අඳුරු සිනමා ශාලාවක තිරයක් මත තිරගත කළ හැකි නිසාත් ය. එම නමේ ඇති "නහී" යන්නට අර්ථ දෙකක් ඇත. එකක් හින්දි භාෂාව ඇසුරින් එන 'නැත' යන්නයි. ඒ අනුව මෙතැන කිව්වත් නොකිව්වත් යමක් නැත. නැත්තේ චිත‍්‍රපටයකි. එසේනම් ඇත්තේ කුමක්ද?
 යමක් 'වන්නේ කුමක්ද?' යන්න හැදෑරීම සඳහා, එය " නොවන්නේ මොනවාද?" යන ප‍්‍රශ්නයෙන් ආරම්භ කළ හැකි දාර්ශනික විධි ක‍්‍රමයක් ඇත. මෙම ක‍්‍රමය යොදාගනු ලබන්නේ, සලකා බැලීමට නියමිත කරුණ වඩාත් සංකීර්ණ හෝ ව්‍යාකූල හෝ වන විටය. අප මෙතැනදී සලකා බලනු ලබන්නේ 'චිත‍්‍රපටයක්' යනු කුමක්ද? යන්නයි. මෙය මේ වන විට සංකීර්ණ මෙන්ම ව්‍යාකූලද වන මාතෘකාවක් බැවින් ඉහත ක‍්‍රමය වඩා සුදුසු යැයි සිතමි.


අපි නැවතත් ප‍්‍රශ්නය අසමු. 'කිවුවද නහී - නොකිවුවද නහී' යනු කුමක්ද? අප තෝරාගත් ක‍්‍රමවේදයට අනුව පිළිතුර මෙපරිදි ය. එනම් 'කිවුවද නහී - නොකිවුවද නහී' ක‍්‍රියාවලියේ කිසිවක් චිත‍්‍රපටයක් නොවන්නේ ය. 
නමුත් ඔබ මෙතැනදී කලබල වනු ඇත.  මුහුරත් උළෙල, රූගත කිරීම, රඟපෑම, තිරගත කිරීම මේ සියල්ල නිසා ඔබ කලබල වනු ඇත. එහෙත් කලබල නොවන්න. ඒ කිසිවක් "චිත‍්‍රපටයක්" නොවේ. එතැන චිත‍්‍රපටයක් නැත. වෙන වැඩ ගොඩක් පමණක් ඇත.  විවේකීව "බඹරු ඇවිත්"නරඹන්න.


'නහී' යන්නට තවත් අර්ථයක් ඇත. එනම් නහිනවා, විනාශ වෙනවා, හෝ කෙළවගන්නවා යනුයි. ඒ අනුව ඉහත නමින්, 'කිව්වත් නොකිව්වත් කෙළවගන්නවා' යන්න අදහස් වෙයි. ඒ සඳහා අමතර පැහැදිළි කිරීම් උවමනා යැයි නොසිතමි. ලාංකීය සිනමාව 'ගාමණී' හරහා කූඨප‍්‍රාප්ත වී ඇත්තේ එතැනට ය. 


ගාමණී, "චිත‍්‍රපටයට" රංගනයෙන්  දායක නොවන දේශීය නළුවෙක් හෝ නිළියක් නොමැති තරම් ය. ඒ තරමටම නළු නිළි රොත්තක් සිටී. ඔවුනතරින් බොහෝ අය සිංහල සිනමාවේ විශිෂ්ඨ රංගන කුසලතාවයෙන් හෙබි අය වන්නෝ ය. විචාරක පැසසුමට නොමඳව ලක් වූවෝ ය. රංගනයට පමණක් නොව සංගීතය, සංස්කරණය ආදී අනෙකුත් සියළු කාර්යයන්ට සම්බන්ධ වී ඇත්තේද එවැන්නන් ය. ආගන්තුක හා කිත් පැසසුමට මෙතෙක් ලක් නොවූ එකම තැනැත්තා "චිත‍්‍රපටයේ" අධ්‍යක්ෂවරයා පමණි. (නමුත් ඔහු රණවිරුවෙකු ලෙස දේශීය සම්භාවනාවට පාත‍්‍ර වූවෙකු බව අමතක කළ නොහැක.) නමුත් චිත‍්‍රපටයේ ශිල්පීන් කිසිවෙක් චිත‍්‍රපටය තුළ තම ළකුණ සටහන් කරන්නට හෝ සාමූහිකව ගොඩනැගූ සළකුණක් සිත්තම් කරන්නට හෝ සමත් වී නැත. ඒ එම ශිල්පීන් මීට පෙර නිරායුධ මිනිසුන් විනාශ කරනා යුද්ධයට විරුද්ධ වී, ඊට එරෙහිව හඬ නගා, මෙම "චිත‍්‍රපටිය" තුළ ඉතාම තද ජාතිවාදී තේමාවකට පණ පෙවූ නිසා නොවේ, දිල්හානි අශෝකමාලා, සුජානි මේනකා වැනි සැලූන් හතරක් තුළින් එකවර රිංගා එළියට ආ වර්ගයේ ගැහැණුන්, මායිම් ගම්මානයක දී සැබෑවට හමු නොවන නිසා නොවේ, ඩබ්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා වැන්නන් රඟපෑම අත්හැර, මුදල් සෙවීම තම එකම කාර්යය කරගෙන ඇති නිසාද නොවේ, බිමල් ජයකොඩි ‘‘බකමූණා වීදි බසී’’ නාට්‍යයට ටිකට් පරික්ෂා කිරීමෙන් හෝ එක්වී ඊට සහාය දැක්වූ අයෙක් වීම නිසා ද නොවේ.  එවැනි ආකාරයේ කිසිවක් හෝ නිසා නොවේ, සරලවම ඒ සියළු දෙනා චිත‍්‍රපටියේදී පමණක් නොව වෙන  ඕනෑම තැනකදී පවා 'රඟපාන' බව පෙනෙන බැවිනි. මෙම චිත‍්‍රපටයට සදාතනිකව සැමරිය හැකි මනුෂ්‍ය අත්දැකීමක් රැගෙන විත් නැත. ජාතිවාදී මනසකින් මඬනාලද සිංහල බෞද්ධයෙකු වුව චිත‍්‍රපටියෙන් මොහොතින් මොහොත ඈත් කරවන්නේ ය. එම අත්දැකීම ගුණදාස අමරසේකර අතින් ප‍්‍රකාශ විය. ඔහු කිව්වේ, "කොටින් ඔය තරමටම නරුමයන් නොකර ඔවුනතරටත් සංවේදී කීපදෙනෙක් හෝ එකතු කළා නම් හොඳයි" කියාය.  


අප මෙතැනදී ප‍්‍රකාශ කරන්නේ එලෙස, අමරසේකර කිවූ ආකාරයට බැලන්ස් කිරීම නිසා 'ගාමණී' හොඳ චිත‍්‍රපටයක් බවට පත් වන බව නොවේ. එවැනි බැලන්ස්  කිරීමකින් අනතුරුවත් එය චිත‍්‍රපටියක් වන්නේ නැත. ඒ එහි නරඹන්නා අළුතින් උපද්දවන, අළුතින් විෂයගත කරවන "කලාව" නොමැති බැවිනි. චිත‍්‍රපටිය මඟින් එදිනෙදා පාරතොටේ හමුවන ප්‍රේක්ෂකයා ප‍්‍රතිනිෂ්පාදනය වනවා මිස අවම ලෙස නිෂ්පාදනය වන්නේ නැත. ඒ අනුව 'ගාමණී' චිත‍්‍රපටියක් නොවන්නේ කුමක්ද යන්නට තවත් උදාහරණයකි. 


මේ අයුරින් චිත‍්‍රපට "නොවන ඒවා" ඉවත් කරගෙන යන විට " ඉතිරිවන ඒවා" අතලොස්සකි. ඒ අතලොස්සෙන් එකක් "වැලිකතර" වන්නී ය. වැලි කතරකට ජීවන හුස්ම පිඹින්නට සමත් අයෙක් වෙත්නම් ඒ අරුම චරිතයකි. ඔහු දියදෝතක්  මෙන් විය යුතු ය. මවගේ ගර්භාෂය, දරුවාට පවතින්නට ඉඩ සලසන්නේ එය ජල පැසක් වන බැවිනි. නිසැකවම ජීවයේ පදනම ජලය යි. කුඩා දරුවන් ජෝ එක්ක සෙල්ලම් කිරීමට කැමැතිවාක් මෙන්ම ජෝ සිනමාව සමඟ සෙල්ලම් කිරීමට කැමති ය. සිනමාවට ජීවන හුස්ම රැගෙන විත් එය සිනමාවට බාර දී ඔහු ඉන් සමුගෙන ගොසිනි. 


ජෝ චිත‍්‍රපටියකට නොව සිනමාවට උදාහරණයකි. 


ප‍්‍රදීප් ජයරත්න

Monday, September 12, 2011








අභිසරුලියක් ’නොවේ ඇය,

හිරුට මුහුණලා
වීදියට පිටුපා
හිසනමා ගොඩ වදින
පියැස්ස.
ගවුරවේ හිරිකඩට
හසුව ඈ මුව කමළ
තෙත බරිතවෙයි
සියල්ල.

දිය ගලා ගත පුරා
උතුරා හැලෙයි හිරිකඩ
ගල් මුල් පෙරලමින්
චන්ඩ රළ නංවමින්
දිය ගලයි සංසුන්ව
වීදී මත.

පිටාරට හසුව
ගසාගෙන යන
කඩතොළු රහිත වත
ගැටුමක් නැතිවම
හදිසියේ තනිවම
බිඳුමක් මතුව ඇත.

එකමෙක කඳුලක්
ලිස්සයි
ඇතුලත යන්තම්
ගැස්සෙයි
ජබොහ් !
පළමු කෙටි විරාමය...;

ගසාගෙන ගියේ ඇය
ඇගේ පිටාරේමය
අනෙකුන්ට දෝස නැත
ඒ.....
වැරැද්දත්,
ඇයටමය!

ප‍්‍රදීප් ජයරත්න