මේ ගමන කොළඹට හොඳට මතක හිටින්න, කණ පැලෙන්නම ඉල් වැස්සක් ඇද හැළුනට පස්සෙ අපිට හිතුනා කොළඹ පිරිලා තිබුණු කුණු ගොඩවල් ඔක්කොම හෝදගෙන වතුර පාරට ගසාගෙන යාවි කියලා. ඒත් සිද්ධ උනේ ඒක නෙවෙයි. මිනිස්සු ඒ වන විටත් තීරණය කරලා තිබුනා එකම එක කුණු ගොඩක්වත් ගසාගෙන යන්න ඉඩ නොදෙන්න. ඒ වෙනුවට කුණු ගොඩවල් වතුර වලක් ඇතුලෙ තවත් පල් කරන්නයි එයාලගෙ කැමැත්ත තිබුනේ. ඉතිං අහසින් වැටෙන වතුර බිංදු ගහගෙන ගිහින් මුහුදට වැටෙන්නෙ නැති වෙන්න, එයාලා එයාලගේ නගරය සැලසුම් කරගෙන තිබුනා. (සමහරවිට එයාලා පරාක්‍රමබාහු රජතුමාව ‘නිවැරදිව’ කියවලද මන්දා.)
නාගරික සංවර්ධන අධිකාරිය කියන්නෙ, නාගරිකයන්ගේ මෙම විශිෂ්ඨ සැලැස්මට බාධාකාරී වෙලා තියෙන නගරයේ නොගැලපෙන ස්ථාන හැකි ඉක්මනට මෙම ‘පෞර රාජ්‍ය’ සැලැස්ම යටතට ගන්නවයි කියලා. එතකොට වැස්සෙන් හේදිලා නොගිය ‘මිනිස් කසළ’ අධිකාරියේ බලයෙන් හේදිලා යන්නට නියමිතයි. මේ ‘මිනිස් කසළ’ වලට සිද්ධ වෙන්න යන දේ ගැන හැඟීම් තාමත් හරියටම මෝදු වෙලා නැතත්, එයාල තුල බලාපොරොත්තුවක් ඉතිරිවෙලා තියෙනවා ආයෙත් ඉල් වැස්ස නොවහීවි කියලා. එයාලව භයෙන් බිරාන්ත කරන්න ඉල් වැස්ස හේතු උනත්, එයාලව වටකරගෙන, එයාලගේ තුරුල්ලෙම ඉල් වැස්සකට ආරාධනා කරන පිරිසකුත් ඉන්නවයි කියලා එයාලා තාම දන්නෙ නෑ. ඒ ආරාධනාව අධිකාරියේ ගෝරනාඩු බලයට එරෙහිව, වැස්ස වලාහක දෙවියන්ව කැඳවීමටයි කියලා එයාලා දන්නවනම් එයාලත් නිසැකවම ‘ඉල් වැස්සේ’ තෙමෙන්න එළියට බහිනවා ස්ථිරයි.
මම හිතන්නේ ලංකා අක්ෂයේ ඉල් වැස්ස සහ කුප්පියාවත්තේ පරණවාඩියේ ඉල් වැස්ස අතර පරතරය ගැන අපි ටිකක් හිතන්න ඕනෙයි කියලා. කොහොම උනත් ලංකා අක්ෂයේ ඉල් වැස්ස, එළිමහනේ ගැබ්බර වන විට, ලංකා අක්ෂයට තිබුනු බලාපොරොත්තුව තමයි කුප්පියා වත්තට ඉල් වැස්ස ඇද නොවැටේවායි කියන එක. එතකොට නම් දෙගොල්ලන්ගෙම බලාපොරොත්තු සමාන වුනා. ඒ එක්කම ඉල් වැස්සේ තෙමෙන්න ගිය අපිත් දොඩමළු වෙන්න ගත්තා. රාවයේ ලසන්තගේ තිබුනේ පුංචි චෝදනාවක්. “අපි ආදරය කරන සින්දු, මෙයාලා කියන විදිහට මෙයාලත් ආදරය කරන සින්දු, ඇයි මේ කොල බලාගෙනම කියන්නේ? ඒ වචන ටිකත් මතක නැත්නම් වැඩක් තියෙනවද? මුංට මළාට ට්‍රිප් එකක් යන්න වෙන්නෙ නෑනෙ...”
ස්ටාලින් නම් කිව්වෙ “ලොකු ගායකයොත් එහෙම තමයි. ඉතිං මුනුත් එහෙම කියපුවාවෙ” කියලා. ඊට පස්සෙ ස්ටාලින් මට සුරේකව පෙන්නලා කිව්වා, “මෙයා තමයි අක්ෂයේ අම්මා” කියලා. මම ඉතිං අම්මා දිහා ආදරෙන් බැළුවා. එයා එවෙලේ අහක බලාගෙන ගියා. මට හිතුනා මට එතැනට යන්නට ආරාධනාවක් තිබුනේ නැති හින්දද කියලා. මොකද මට තිබුනේ වංගු ආරාධනයක්. (කල්යාගෙ වචනයක්) නිර්මාල්ගෙ ආරාධනාව කෑලි වලට කඩලා බෙදනකොට ලැබුන කෑල්ලක් තමයි මට තිබුනේ. ඒත් පස්සෙ “අම්මා” ඇවිත් ෆුල් ජොලියෙන් අපිත් එක්ක කතාකරන කොට මගේ අදහස කෑලි කෑලි වලට කැඩිලා විසිරුණා.
අපි කැමතිම සිංදු ටිකක් එළිමහනේ උණුසුම් සුප් එකක් බොන ගමන් අහන්න සැලැස්වීම, ඇත්තටම නියම වැඩක්. ගොඩාක් මහන්සි වෙලා හුඟාක් හොඳට වැඩේ සංවිධානය කරලා තිබුණා. අලුතෙන් කරපු නිර්මාණයක් නොතිබිච්ච එක ගැන කවුරුහරි ඇහුවත්, මට හිතුනේ එහෙම නොවුනු එක හොඳයි කියලා. මොනතරම් නම් නිර්මාණ තියෙනවද වැඩක් ගන්නෙ නැතුව නිකම්ම දියවෙලා ගිය. ඉතිං දැනටමත් තියෙන ඒවට වෙනස් අර්ථ එකතු කරන්න උත්සාහ කරන එකම විශාල වැඩක්. ඉල් වැස්සත් එක්ක ගෙට ගොඩවෙන ඉල් මහේ අඳුරු මතකයන්ට ආදරය (දේශපාලනය) එන්නත් කරලා, ආයෙ ජීවය කවන්න පුළුවන් උනොත්......! ඒක සෙල්ලමක් නෙවෙයි. සමහරවිට විදර්ශන බෙදාගෙන ගිය පුංචි කොළ කෑල්ල එවැනි සැත්කමකට යොදාගන්න එන්නතක් වෙන්නත් බැරි නෑ. ඉතිං ඉල් වැස්සෙ තෙමෙන්න ආපු හැමෝම, නොවැම්බර් 28 වෙනිදා N.M. Centre එකටත් ඇවිත්, සංගීතයට තවත් අර්ථ එකතු කරන්නට එකතු වෙනවනම් නියමයි කියලා හිතනවා.
අවසානයට කියන්නෙ මෙච්චරයි. පිච්ච මල් සුදුම සුදුපාට උනත්, මේ පිච්ච මලට පාට ගොඩක් තියෙනවා. ඉතිං මේ පාට පාට පිච්ච මල, කල්යගේ, ප්රියාන්ගෙ, සම්පත්ගෙ, ප්‍රසාද්ගෙ ඇඟිලිතුඩු වලින් ප්‍රවේශමෙන් අල්ලලා, එයාලා දෙන්නෙ ලංකා අක්ෂයට.
- ප්‍රදීප්
3 comments:
kalekata passe sahodarathmaka hageemen liyapu lipiyak kiyeuwa.pradeep ta thanks.thamangema koodu wala inna nitharama davgalana aya tikak kalpanawen balanna ona lipiyak kiyala hithenawa.
SUDESH
ඇදට ගන්නෙ ඔහොම කියල තමයි.
@ Anonymous,
තෑන්ක්ස් මචං. තව ක්‍රම තියෙනවනං කියපං හොඳේ....
Post a Comment