Friday, October 8, 2010

දෙමළ මළගෙදර අඬන සිංහල කුමාරී

(උරෙයිප්පු සාප්පාඩ පොත ගැන අවසන් සටහන)

තම ජීවිතයෙන් ප්‍රයෝජනවත් යමක් කරන්න ඇය වෙහෙසෙයි. දුප්පත් දෙමළුන්ගේත්, දුප්පත් මුස්ලිම් මිනිසුන්ගේත් සිංහල නියෝජිත වරියක ලෙස හා සමාජීය ක්‍රියාකාරණියක ලෙස ඇය මා සමග පැවසූ බොහෝ දේ සමග වාද කළ අවස්ථා තිබුනි. ඇගේ සමාජීය දේශපාලන මතවාද  මගේ මතවාද සමග සමපාත වූවේ නැත. මා කිසිවක් හරි‍ යන්නේ නැති බව
පවසන විට ඇය අවසානය දන්වාම උත්සාහ ගනී. මෙම කඩින් කඩ සිදුවූ කතාබහෙන් පසු මම ඇගේ පොත් දෙකම කියවුයෙමි. (මා පුදුම වන්නේ ඇය කෙටි කතා වලින් පසු සෘජුවම කවි ලිවීමට පටන්ගැනීම නිසාය.)

දින කීපයකින් පසු මම ඇගේ කෙටිකතා පොත එක හුස්මට කියවූ පසු අවසානයේ මට සිතුනේ ඇය ස්ත්‍රීයක ලෙස අපි අපිළිවෙලට කියන අදහස්ම පිළිවෙලකට ගොඩනගා ඇති බවයි. ඉවසුම් රහිත පිරිමින්ගේ දේශපාලන ලෝකය ස්ත්‍රීවාදී  හැඩයකින් ඇය ඇගේ පොතින් අපට කියන්නීය.

ඇගේ කෙටිකතා පොතේ ඇය අපෙන් ඇසූ පැනය වූයේ “ඇත්තටම සිංහල දෙමළ අතර ඉර අඳින්න පුළුවන් කාටද ? “ යන්නයි. ඇගේ මේ කවි පොතින් ඇය අපට මේ ආදරය කරන්නට කාලය බවත්, දිනන්නට නොව දිනාගන්නට කාලය බව කියයි.

ඇගේ දෙකක් බැගින් කරු ලැබුවෙමු ඇවිදින්න යන කවි පෙළට ට ඇත්තටම මගේ පපුව රිදෙනවා. අවුරුදු අටේ අයියා අවුරුදු 6 මල්ලිගේ තනි කකුල වෙනුවට තමන්ට ඉතිරිවූ කකුල දෙන්න ඇත්නම් කියා හිතන කොට.

මේ ඉරිදා පත්තරේ මම දැක්කා මව්පියන් දෙදනාම අහිමි වූ කුඩා ළමයින් 560 වැනි ගානක් එක් දිස්ත්‍රික්කයක පමනක් සිටින බව. තනියම කෑමවත් කාගන්න බැරි තුවාල රිදෙනකොට කොතනද රිදෙන්නේ කියල කියා ගන්න බැරි දරුවන්…අම්මා තාත්තා දෙදනාම මැරෙනවා බලාසිටි දරුවන්…

ඒත් අපි තවදුරටත් නිහඬවම සිටින්නේ අපි පිරිමි නොවන නිසාද ? ඇය අහන්නේ ඔබට කන් ඇහෙන්නැද්ද ? යනුවෙනි. ඇගේ පොත බලන්න  හිත රිද්දගන්න නොවේ අඩුමගානේ උන් ගැන ටිකක් හරි සාධාරණ වෙන්නවත්.

ඇගේ කවි මුලින්ම ඇස ගැසුණු මොහොතේ මම සිතුවේ මෙන්න තවත් එන්ජීඕ කවි ටිකක් යනුවෙනි. එසේම දෙමළ ජාතිවාදයට උඩ ගෙඩි දෙන බිස්නස් වැඩක් යනුවෙනි. මා  ඇගේ පොත අවසානය තෙක් කියවාගෙන යද්දී මටම මගේම සිතේ එක කොටසක් එම කවි තුල තිබී හමුවිය. ඇගේ කවි පොතේ දේශපාලනික කවි සුමට හා කාන්තා ඉවසීමකින් යුතු ඒවාය.

එනම් ජාතික ගැටළුවේදී යමෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතු මධ්‍යස්ථ භාවයයි. එසේම ඉවසීමයි. ඇය එහිදී ගැටළුව කෙරෙහි දක්වන ඉලක්ක සහගත භාවය පිරිමින්ට නැත. එසේම දෙපාර්ශවයම මෙම ගැටළුවේ “වික්ටිම් කෙනෙකු වන බව” ඇය කියද්දී එතරම් ගැඹුරට මේ ගැන නොසිතීම පිරිමි ගැටළුවකි.

ගැහැනියක් කුමාරිට බැනපු එක ගැන කවියක් තියෙනවා. බැනුම කවි කරාම කොයි වගේද ? ඒ කවිය කියවන්නේ කොහොමද ?  ඒ හඬ දෝංකාර දෙන්නේ කොහොමද හිතක් නැත්තම් මේ ගැන තේරුමක් වෙන්නේ නැත.

මෙම යුද්ධයෙන් පරාජයවූ දෙමලා ද දිනූ සිංහලයාද මෙම ගැටළුවේ වික්ටිම් කෙනෙකු වීම ඇගේ කවි පතුලේ සැඟවූ අරුතයි.

මට අනුව කුමාරිගේ කවි සේකරලාගේ වත් මානවසිංහලාගේවත් සුනිල් ආරියරත්නලාගේ හෝ වගේ “අපි චූන් එකේ” කියන කවි නොවේ. ඒවා මිනිසුන්ගේ කවි ය. සැබෑවටම කවිය…. ඇගේ මෙම මැදිහත්වීමම ද ඒ සිතිවිල්ලද කවියකි.

මගේ මල් හැලෙන ප්‍රේමය,  අට්ටි හැලෙන ආලේ,  ඇගේ ශරීරාංග මාරයි, තන්දෙක උල්, පුක රවුම්, දැක්කම හරි චූන් වගේ ලක්ෂ ගනන් කවි අතර මේ කවි සැබෑ ආදරයේ කවි වන්නේ දුලබ සමාජීය මෙහෙවරක් ලෙස ලියවුනු කවි වන නිසාය.

මම ඇයට කැමති වන්නේ, මාර මානව හිතවාදී රම්බෝ පිරිමින්ගේ බොරු දෙමල ප්‍රේමය ගානක් කපා ගැනීමේ උපායක් බව කුමාරි මේ කවි පොතින් මට පෙන්නා දුන් නිසාය.

මරුවා
(http://maruwaxx.wordpress.com/)

No comments: