Monday, September 12, 2011








අභිසරුලියක් ’නොවේ ඇය,

හිරුට මුහුණලා
වීදියට පිටුපා
හිසනමා ගොඩ වදින
පියැස්ස.
ගවුරවේ හිරිකඩට
හසුව ඈ මුව කමළ
තෙත බරිතවෙයි
සියල්ල.

දිය ගලා ගත පුරා
උතුරා හැලෙයි හිරිකඩ
ගල් මුල් පෙරලමින්
චන්ඩ රළ නංවමින්
දිය ගලයි සංසුන්ව
වීදී මත.

පිටාරට හසුව
ගසාගෙන යන
කඩතොළු රහිත වත
ගැටුමක් නැතිවම
හදිසියේ තනිවම
බිඳුමක් මතුව ඇත.

එකමෙක කඳුලක්
ලිස්සයි
ඇතුලත යන්තම්
ගැස්සෙයි
ජබොහ් !
පළමු කෙටි විරාමය...;

ගසාගෙන ගියේ ඇය
ඇගේ පිටාරේමය
අනෙකුන්ට දෝස නැත
ඒ.....
වැරැද්දත්,
ඇයටමය!

ප‍්‍රදීප් ජයරත්න