Wednesday, November 24, 2010

ලංකා අක්ෂයේ ඉල් වැස්සට - පාට පාට පිච්ච මලක්.....

මේ ගමන කොළඹට හොඳට මතක හිටින්න, කණ පැලෙන්නම ඉල් වැස්සක් ඇද හැළුනට පස්සෙ අපිට හිතුනා කොළඹ පිරිලා තිබුණු  කුණු ගොඩවල් ඔක්කොම හෝදගෙන වතුර පාරට ගසාගෙන යාවි කියලා. ඒත් සිද්ධ උනේ ඒක නෙවෙයි. මිනිස්සු

Friday, November 12, 2010

මී පුප් ලදිමි - දරු ද ලදිමි.....




නොඇසූ කන් වල .
අපිළිවෙලට කියවීම - 03 කොටස



(මෙය මී පුප් ලදිමිකවිය සමග මගේ අතීතය එකට එකතු කිරීමකි.) 






මට, මගේ ආච්චි අම්මා කොබෙයි පවුලේ කථාන්දරය කියා දෙන විට මගේ වයස අවුරුදු හතක් හෝ අටක් වන්න ඇත. නමුත් කථාව පැවසුවේ සවස හතට පමණ ගොම්මන් අඳුර පැතිරෙමින් තිබුණු මොහොතක බව මට නිච්චියටම මතකය. මොහොතේ කොබෙයියෙකුගේ විලාපයක් ඇසුණ වග මා මතකයේ නැතත් බොහෝ නිශාචර සතුන්ගේ කෑ මොර දීම් ආරම්භව තිබුණාට කිසිම සැකයක් නැත. ඇයට නිශාචර සතුන් අතරින් එකියක හෝ මඟ හැරී නොතිබෙන්නට ඇතැයි

Tuesday, November 9, 2010

Popසිකල් වෙනුවට රියල් Pop


”මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල්විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප් කියන්නෙ ජනතාව අතරට යන එක. ඒක හරිම පුද්ගලිකයි. ඒ වගේම ඇත්ත. අවංකයි. හෘදයාංගමයි.”
-ජෝන් සෙකාඩා

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට යන කොට මට තිබුණේ තවත් එක සෝබන වැඩකට යන හැ`ගීම විතරයි. එක එක ආකාරයේ විසිතුරු පෑ තරු අතරින් රතු පලස් උඩින් සම්මාන උළෙලට ඇතුල් කර ගනිද්ම මම පැය කීපයක් බොරුවක් ඇතුලේ ආතල් එකක් ගැනීමට වැඩි දෙයක් බලපොරොත්තු වුණේ නැහැ. ලොකු ලොකු ආර්ටිස්ට්ලා ලක්ෂ ගණං වියදම් කරලා හදපු පිටරට කොපි ගොඩකට සම්මාන දෙන හැටි බලන්න මිසක්

Friday, November 5, 2010

ක්‍රමය ඔබ එනතෙක් බලා සිටී....







18 ට පක්ෂ වීම හෝ විපක්ෂ වීමට ඔබ්බෙන් ක්‍රමය ඔබ එනතෙක් බලා සිටී.




18 වන ව්‍යවස්ථා සංශෝධනය හා මගතොටේ හමුවන මනුෂ්‍යයා අතර සම්බන්ධයක් නැත. ඇය ව්‍යවස්ථා සංශෝධනයේ කුමක් තිබෙනවාදැයි දන්නේද නැත. එහි කුමක් තිබුණත් නැතත් ඇයට ඉන් පලක් ඇත්තේද නැත. ඒ ඇයට වෙන වැඩ ඇති නිසාය. වෙන වැඩ කිරීමට ඇයව බලහත්කාරයෙන් යොමු කරවා නැත. ඒවා ඇයගේ වූ අත්‍යන්තමය තෝරා ගැනීම්ය. මේ නිසා 18 ට විරුද්ධ වන ලෙස ඇයව පොළඹවන්නේ නම් එය බලහත්කාරයකි. ඇගේ