Tuesday, September 28, 2010

කුමාරිගේ වරද “පිරිමි විශ්වාස කිරීමයි.”… උරෙයිප්පු සාප්පාඩ” පොත ගැන සටහන්

(http://maruwaxx.wordpress.com/ වෙතින් උපුටා ගත්තකි)

කුමාරී කවිපොතක් එලි දැක්වීය. “උරෙයිප්පු සාප්පාඩ (සැර කෑමක්) (නො ඇසූ කන් වලට)”  2010 සැප්. 25 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ  පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතන පරිශ්‍රයේදී පැවැත්වින.

Friday, September 24, 2010

වාසුට සහනයක් වූ පියසීලීගේ මරණය

දහ අට සන්නිය නටා පේවීමට මත්තෙන් පියසීලි මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුනේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුනි. 
ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර, සතුරු-මිතුරු කඳවුරු අතර බෙදීම දිය කරමින්, නව බෙදීම් නිර්මාණය කරමින්, හැම විටම ඊනියා පොදු ජනයාගේ පැත්ත ගැනීමට

Thursday, September 23, 2010

ජ.වි.පෙ. මිතුරන් වෙතටයි....!

මැදමුලන, කැඳවීම සහ ජ.වි.පෙ. නැවත කැඳවීම

ගොඩබිම් බලය, ගුවන් බලය සහ නාවික බලය සහිත, එහෙත් ජාත්‍යන්තර පිළිගැනීම නමැති ඌණතාවයෙන් පමණක් පෙළුණු, ලෙයින්, කඳුළින්, යකඩින් සහ දහඩියෙන් ගොඩනගා තිබූ මිනිස් අධිෂ්ඨානයේ පුරවරයක් සුනු විසුණු කොට බිමටම සමතලා කිරීමට මුළු මහත් ජාතියක්ම එකාවන්ව කැපවීමෙන් අනතුරුව,  18 වන සංශෝධනය නමැති හූණු බිජුවක් පුජාතන්ත්‍රවාදයේ මළගම ලෙස ඔසවා තබන්නට

Wednesday, September 22, 2010

නිමක් නැති හිස්බව වෙනුවට....


පියවරක් ඉදිරියට තබන්නට
බිමක් නැති කොට,
පාරුවක් තැනීමු.

උඩුගං බලා යන්නට නොව,
මුඩු බිමක් හෝ හමුවනතුරු
නොගිලී ඉන්නට.

ලැබේනම් කෙදිනක හෝ
ඔබ හා සාමීචියේ යෙදෙන්නට
සම-උස්  බිමක?

පාරුවකට ‘සානුව’ යයි
නම තැබූවේ එහෙයිනි.

අඩුමගානේ,
නිමක් නැති හිස්බව වෙනුවට
මොකක් හරි දෙයක්.......!